25.6 C
Colombo
2026-10-05
mediahumanrights.lk
Local NewsNewsPolitical

ඇමැති මාරුව අතලඟ තිබියදී ඇමැතිකම ගැන හරීන් කතා කරයි

ඉදිරියේදී කැබිනට් සංශෝධනයක් සිදුව තම අමාත්‍ය ධුරය වෙනස්කළද එය තමන් සතුටින් භාරගන්නා බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
ඔහු මේ බව පැවසූයේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ කාර්යාලයේදී ඊයේ (16) පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්ව තම අමාත්‍යාංශයේ පර්යේෂණයක් කර තමන් එම රාජකාරිය නිවැරදිව ඉටුකර නැතිනම් එම අමාත්‍යාංශයෙන් තමන් ඉවත්කළ යුතු බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
ඕනෑම අමාත්‍යාංශයක අමාත්‍යවරුන් සිය රාජකාරිය නිසි ලෙස ඉටුකර නොමැතිනම් එම අමාත්‍යධුරයෙන් ඉවත්කිරීම ජනාධිපති හා අග්‍රාමාත්‍යවරයාගේ වගකීම බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
එමෙන්ම යහපාලන ආණ්ඩුව තුළ නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය එක්ව මේ ගෙන යන වැඩපිළිවළ තුළින් රට ගොඩනැගීීමට හැකිවන බවත් පක්ෂය දෙකේ එක්වීම තුළින් රටේ අනාගතය සාර්ථක කර ගැනීමට හැකිවන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.
(under the courtesy of asianmirror news web)

Related posts

තාරුණ්‍යයේ නවමු කඩයිම් සොයා යන සීමා නෑ ආකාසේ

Shiran Viraj

චම්පිකගෙන් නව බලවේගයක්.. පිරිසක්ද එක්වෙයි.. 113 ආ පසු නව ආණ්ඩුවක්..

Shiran Viraj

රටක් බලා සිටි බැඳුම්කර වාර්තාව ගැන ජනපතිගේ ප‍්‍රකාශය මාධ්‍ය වෙත නිකුත් කිරීමට සූදානම්

Shiran Viraj
Translate »