mediahumanrights.lk
Local NewsNewsPolitical

ඇමැති මාරුව අතලඟ තිබියදී ඇමැතිකම ගැන හරීන් කතා කරයි

ඉදිරියේදී කැබිනට් සංශෝධනයක් සිදුව තම අමාත්‍ය ධුරය වෙනස්කළද එය තමන් සතුටින් භාරගන්නා බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
ඔහු මේ බව පැවසූයේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ කාර්යාලයේදී ඊයේ (16) පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්ව තම අමාත්‍යාංශයේ පර්යේෂණයක් කර තමන් එම රාජකාරිය නිවැරදිව ඉටුකර නැතිනම් එම අමාත්‍යාංශයෙන් තමන් ඉවත්කළ යුතු බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
ඕනෑම අමාත්‍යාංශයක අමාත්‍යවරුන් සිය රාජකාරිය නිසි ලෙස ඉටුකර නොමැතිනම් එම අමාත්‍යධුරයෙන් ඉවත්කිරීම ජනාධිපති හා අග්‍රාමාත්‍යවරයාගේ වගකීම බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
එමෙන්ම යහපාලන ආණ්ඩුව තුළ නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය එක්ව මේ ගෙන යන වැඩපිළිවළ තුළින් රට ගොඩනැගීීමට හැකිවන බවත් පක්ෂය දෙකේ එක්වීම තුළින් රටේ අනාගතය සාර්ථක කර ගැනීමට හැකිවන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.
(under the courtesy of asianmirror news web)

Related posts

මාලිමා ආණ්ඩුවෙන් ශ‍්‍රී ලන්කන් ගුවන් සේවය රාජ්‍ය පෞද්ගලික හවුල් ව්‍යාපාරයක් ලෙස..- අනුර

Shiran Viraj

පරාජයෙන් පසු ඉන්දීය ක්‍රිකට් පුහුණුකරු කණ්ඩායම හැර යයි

Shiran Viraj

ළමා නිවාසයකින් පළාගිය ගැහැණු ළමයින් දෙදෙනෙකු අත්අඩංගුවට

Shiran Viraj
Translate »