2026-09-05
mediahumanrights.lk
Local NewsNewsPolitical

අපි සිංහාසනයක් හැදුවා. ඒ සිංහාසනයේ දැන් වෙන කවුරුවත් දැන් ඔටුනු පලන්දන් ඉන්නේ

පාර්ලිමේන්තු මන්ත්රී  එස්.එම්.මරික්කාර්
ඔහු මෙම අදහස් පල කරන ලද්දේ. අඹතලේ – ඔරුගොඩවත්ත ලෝ ලෙවල් සංවර්ධනයේදී ඉඩම් අහිමිවන පුද්ගලයින් 209 ක් සදහා රුපියල් මිලියන 261 ක් ප්රවදානය කිරීමේ අටවන අදියරේ වන්දි ලබා දීමේ උත්සවයකට එක්වෙමින්ය.
එහිදී මන්ත්රී වරයා මෙලෙස අදහස් දක්වන ලදී,
අපිට මතක් වෙනවා ජනවාරි මාසේ 08 වෙනිදා අපි සිංහාසනයක් හැදුවා. ඒ සිංහාසනයේ දැන් වෙන කවුරුවත් දැන් ඔටුනු පලන්දන් ඉන්නේ. හරියට ඒගොල්ලන්ගේ සිංහාසනයේ අපි ඇවිල්ලා වාඩිවෙන්න හැදුවා වගේ. දැන් සමහර පළාත් සභාවල අලුතින් මහ ඇමතිතවරු පත්වෙලා ඉන්නවා. මේ ගොල්ලෝ ඔක්කොම පත් වුනේ එක්සත් ජාතික පක්ෂයේ ඡන්දවලින්, සිවිල් සංවිධානය වල සහයෝගයෙන්, වෙඩි හුවමාරුවලට මුහුණ දීලයි අපි ජයග්රිහණය කෙරෙව්වේ. ඊට පස්සේ එයාලා ඇවිත් මහ ඇමති පුටුවල වාඩි වුනා.
ඒ පුටුවල වාඩිවෙලා අපිටම කොකා පෙන්නන්න ගත්තා. කළ කල දේ පල දෙනවා වගේ තමයි ඒකාබද්දේ අය කකුලෙන් අදිනකොට දැන් මහ ඇමති පුටුව බේරගන්න එක්සත් ජාතික පක්ෂයේ සරණ පතන්න වෙලා තියෙනවා. දෛවයේ සරදම කියන්නේ ඔන්න ඕකයි. උතුරු මැද, මධ්යපම, බස්නාහිර සහ හෙට අනින්දා දකුණ පළාත ගත්තත් තමන්ගේ මහ ඇමතිකම් තියාගන්න එක්සත් ජාතික පක්ෂයේ සහයෝගය ලබා ගන්න වීම දෛවයේ සරදමක්. ඒ නිසා අපි කියනවා මේ පණිවුඩය තේරුම් ගන්න සහ මේ යථාර්තය තේරුම් ගන්න අපි ඔවුන්ට පැහැදිලිව කියන්න ඕනේ. එහෙම නැති වුනොත් මහ ඇමතිකමත් දරන්න බෑ කියලා මතක තියාගන්න ඕනේ.
අපේ ආණ්ඩුව උනත් වැරදි කරනවා නම් වැරදියි. පළාත් පාලන මැතිවරණය කල්දාන එක සම්පූර්ණයෙන්ම වැරදියි. ඒක ජනතාවටගේ ප්රිජාත්ර න්ත්ර්වාදී අයිතියක්. අනික් අතින් ප්රාබදේශීය සභා මැතිවරණය කල් දැමීම හරහා දැන් ගම් මට්ටමේ උනත් සෑහෙන ප්රාශ්න තියෙනවා.. කුණු අදින ප්ර ශ්න, මදුරුතෙල් ගහන්නේ නෑ, කාණු හරියට සුද්ද වෙන්නේ නෑ.
කණුවකට ලයිට් එකක් දාන්නේ නෑ. මොකද නිලධාරීන් ජනතාවට වගකියන්නේ නෑ ඔවුන් පඩියට වැඩ කරන සේවකයෝ. මහජන නියෝජිතයින්ට වගකීමක් තියෙනවා මහජනතාවට වගකීම සම්බන්ධව. ඒ නිසා මේ ප්රාිදේශීය සභා මැතිවරණය පරණ ක්රිමයටම හරි තැබිය යුතුයි. ජනතාවට ලැබෙන සේවය නොඅඩුව ලබා දීමට අවශ්යේ මහජන නියෝජිතයින් පත් කිරීම රජයේ වගකීමක්. ඒ වගකීම පළාත් පාලන අමාත්යොතුමාටත් පැවරෙනවා  යැයි පැවසීය.

Related posts

වෙලදුන් භාණ්ඩ හිඟයක් මවමින් මිල ඉහළ නංවනවා.. අත්‍යාවශ්‍ය ආහාර තොග පවත්වාගෙන යන්න..- ජනපති

Shiran Viraj

කොන්ඩමයක් නොදැමීම.. තදින් සිරකිරීම…- ධනුෂ්කට විරුද්ද චෝදනා මෙන්න..

Shiran Viraj

අද සවස හතරේ සිට ප්‍රමුඛතා මන්තීරුවේ අලුත් අදියරක්

Shiran Viraj
Translate »