28 C
Colombo
2024-07-27
mediahumanrights.lk
Local News News

අංශ කිහිපයක් අද උදේ සිට වැඩ වර්ජනයේ – සෞඛ්‍ය සහ දුම්රියත් ඒ අතර

මාලඹේ සයිටම් ආයතනය ජනසතු කිරීම ඇතුළු ඉල්ලීම් 3 ක් වෙනුවෙන් කැඳවා ඇති වැඩවර්ජනය අද උදෑසන 8 ට ආරම්භ වනවා.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ පැවසුවේ අංශ  කිහිපයක සේවා මේ නිසා අඩාල විය හැකි බවයි.
රටපුරා රෝහල්වල වෛද්‍යවරුන් සහ සෙසු සෞඛ්‍ය සේවකයන්ද අද වැඩවර්ජනය  කළත් අත්‍යවශ්‍ය සහ හදිසි ප්‍රතිකාර සේවා නතර නොකරන බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.
සිය ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාරයක් ලැබුණහොත් ඕනෑම අවස්ථාවකදී වැඩවර්ජනය නතර කිරිමට සූදානම් බවද වෛද්‍ය හරිත අලූත්ගේ කියාසිටියා.
නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක‍ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර ගෙන්ද විමසීමක් කළා.
වැඩවර්ජනය හේතුවෙන් ඖෂධ නිකුත් කිරිම වැනි අතුරු සේවා සම්බන්ධයෙන් බිද වැටීමක් සිදුවුවහොත් එම කටයුතු ඔසුසල් මගින් හෝ වෙනත් විකල්ප ක්‍රම මගින් සිදු කිරිමට අපේක‍ෂා කරන බවද සෞඛ්‍ය සේවා අධ්‍යක‍ෂ ජනරාල්වරයා මෙහිදී කියාසිටියා.
දුම්රිය දෙපාර්තමේන්තුවේ  ශ්‍රේණි දෙකක නිලධාරීන් මෙම වැඩවර්ජනයට එක් වන බව ලොකොමෝටිව් ඔපරේටින් ඉන්ජිනියර්ස් දුම්රිය රියදුරු සංගමය ද පැවසුවා.
එහි ප්‍රධාන ලේකම් ඉන්දික දොඩංගොඩ සඳහන් කළේ මෙම වැඩවර්ජනය නිසා අද උදෑසන අටෙන් පසු දුම්රිය බොහොමයක් අවලංගු විය හැකි බවයි.
මේ අතර දුම්රිය ධාවනයේ කිසියම් අඩාලවීමක් සිදුවුවත් මගීන්ට අපහසුවක් ඇති නොවන පරිදි ප්‍රවාහන සේවා සැපයීමට කටයුතු කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.
අද කැඳවා ඇති වැඩවර්ජනයට තමන් එක් නොවන බවයි එහි සභාපති ගැමුණු විජේරත්න  පැවසුවේ.
ශ්‍රී ලංගම නියෝජනය කරන සමස්ත ලංකා ප්‍රවාහන සංගමයද කියාසිටියේ අද වැඩවර්ජනයට තමන් එක් නොවන බවයි.
කෙසේවෙතත් මාලඹේ සයිටම් ආයතනයට තමන්ද එරෙහි බවත් ඒ අනුව සයිටම් විරෝධී ඉදිරි ක්‍රියාමාර්ගවලට  සහාය දක්වන බවත් ඔවුන් පැවසුවා.
(under the courtesy of nethfm news web)

Related posts

ගාල්ල, ගිංතොට ගැටුම සම්බන්ධයෙන් පොලිස් කොමිසමේ අවධානය

Shiran Viraj

මෙරට කොරෝනා එන්නත ගත් අයගේ අතුරු ආබාධ සමීක්‍ෂණ කෙරේ

Shiran Viraj

කැබිනට් තීන්දුවක් අවලංගු කරන්න ජනාධිපතිට බෑ.. එක බොරුවක් වෙනුවට බොරු තුනක්..

Shiran Viraj