2026-08-15
mediahumanrights.lk
Local NewsNews

වෛද්‍ය වර්ජනයෙන් රෝහල් සේවා බිඳ වැටේ

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (07) පෙරවරු අටට දීපව්‍යාප්තව ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් රෝහල් රැසක ප්‍රතිකාර සේවාවලට දැඩි බලපෑමක් එල්ල වී තිබෙනවා.
රෝහල් රැසක සංචාරය කළ නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි බොහෝ පිරිසක් ප්‍රතිකාර නොලබා යළි නිවෙස් බලා පිටව යන අයුරු දක්නට ලැබුණු බවයි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙම වැඩ වර්ජනය කැඳවා ඇත්තේ මාළඹේ සයිටම් ආයතනයට විරෝධය පල කරමින්.
එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ පැවසුවේ මේ දක්වා වර්ජනය සාර්ථකව ක්‍රියාත්මක බවයි.
වෛද්‍ය වෘත්තීය සමිතිවලට අමතරව තවත් වෘත්තීය සමිත සියයක පමණ පිරිස් මෙම වැඩවර්ජනය සඳහා සහය දෙන බවයි ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය කියා සිටියේ.
මෙම සංකේත වැඩවර්ජනය හෙට පෙරවරු අටට අවසන් කිරීමට නියමිතයි.
(under the courtesy of nethfm news web)

Related posts

දේශපාලනය සහ ආර්ථිකය පටලවා ගන්න එපා – වැවිලිකරුවෝ කියති

Shiran Viraj

ඩොලර් නෑ… පෙට‍්‍රල්-ඩීසල් ගෙන්වීම අර්බුදයේ.. කැබිනෙට්ටුව රත්වෙයි..

Shiran Viraj

පළාත් සභා මැතිවරණය වහා පවත්වන්න…- භික්‍ෂූ රැළියක් අනුරාධපුරයේ..

Shiran Viraj
Translate »