27.2 C
Colombo
2026-09-15
mediahumanrights.lk
Local NewsNews

ව්‍යාපාරිකයාට වෙඩි තැබූ සැකකරුවන් සොයා පුළුල් පරීක්ෂණ

ගම්පහ ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු ඉලක්ක කර එල්ල වූ වෙඩි ප‍්‍රහාරය සම්බන්ධයෙන් සී.සී.ටී.වී. දර්ශන ඔස්සේ තවදුරටත් පරීක්ෂණ සිදු කරන බව පොලිසිය පවසනවා.
කෙසේ වෙතත් වෙඩි තැබූ සැකකරුවන් පිළිබඳ මෙතෙක් කිසිඳු තොරතුරක් අනාවරණ වී නැහැ. ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් විමර්ශන ආරම්භ කළා.
ඊයේ (08) දහවල් මෙම වෙඩි ප‍්‍රහාරය එල්ල වූයේ උඩුගම්පොල අස්ගිරි වල්පොල ප‍්‍රදේශයේදීයි. ඒ, මෙම ව්‍යාපාරිකයා සිය පෞද්ගලික සුඛෝපභෝගී ජීප් රථයෙන් ගමන් කරමින් සිටියදීයි.
මෝටර් රථයකින් පැමිණි පිරිසක් ජීප් රථය හරස් කර වෙඩි තබා ඇති බවටයි පොලිසිය පැවසුවේ. කෙසේ වෙතත් වෙඩි ප‍්‍රහාරයෙන් ව්‍යාපාරිකයාට හානියක් සිදු නොවුණ ද එහි ගමන්ගත් ඔහුගේ සහයකයා බරපතල තුවාල ලැබුවා. ඔහු වැඩිදුර ප‍්‍රතිකාර සඳහා ඇතුළත් කෙරුණේ කොළඹ ජාතික රෝහලටයි.
(under the courtesy of nethfm news web)

Related posts

මෙලොවට බිහිවූ රාත්තල් 15 ක යෝධ බබා – Video & Photos

Shiran Viraj

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යනු රාජ්‍යය බිඳවැට්ටවීමේ කුමන්ත්‍රණයක් බව උදය ගම්මන්පිල පවසයි

Shiran Viraj

ආපදා අරමුදලට වැටුප් පරිත්‍යාග කිරීම – ආණ්ඩු පක‍ෂයෙන් 13 යි

Shiran Viraj
Translate »