2026-09-04
mediahumanrights.lk
Local NewsNewsPolitical

රෝගීන් නැත්තම් හෙද සේවයක් අවශ්‍ය නෑ

හෙද සේවයේ සියලු දෙනාට පහසුකම් හිමිවන්නේ රටේ රෝගීන් සිටින නිසා බවත් රෝගීන් නොමැතිනම් හෙද සේවයක් අවශ්‍ය නොවන බවත් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
අද (10) අරලියගහ මන්දිරයේ පැවති හෙද ඩිප්ලෝමාධාරීන්හට ඩිප්ලෝමා ප්‍රධානෝත්සවයේදී එම මහතා මේ බව පවසා තිබේ.
වර්තමානයේ වෘත්තීය සමිති වැඩ වර්ජන පවත්වා ඔවුන්  එය අවසානයේ වර්ජනය සාර්ථක යැයි පැවසුවද සිදුවන සාර්ථකත්වය වන්නේ රෝගීන් අපහසුතාවයට පත්වීම හා මිය යාම බව ඔහු පවසයි.
වර්ජන සිදු කිරීම තමා වැරදි නොකියන අතරම වර්ජනයක් සිදු කළ යුත්තේ සාකච්ඡා සියල්ල බිද වැටී ඉදිරියට කිසිඳු දෙයක් සිදු කර ගැනීමට නොහැකි වූ අවස්ථාවේදී බවද රාජිත මහතා කියා සිටියේය.
එමෙන්ම වෛද්‍ය ,හෙද වැනි වෘත්තීය මත රෝගීන් රදා පවතින බැවින් මෙම ක්ෂේත්‍රයේ වර්ජන සිදු කරන විට රෝගීන් අසරණ වන බව ඔහු වැඩි දුරටත් පෙන්වා දේ.
වාරිමාර්ග,මහා මාර්ග වැනි වෙනත් අමාත්‍යාංශවල වෘත්තීය ක්‍රියාමාර්ග ගන්න අයුරින් සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ වෘත්තීය ක්‍රියාමාර්ග ගත නොහැකි බවද සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි.
එමෙන්ම රෝගීන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් පවතින තත්ත්වයන්ට රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය ද අවධානය යොමු කළ යුතු බව එම මහතා වැඩිදුරටත් කියා සිටියේය.

(under the courtesy of adaderana news web)

Related posts

බලයෙන් පහ කෙරුණු දකුණු කොරියානු ජනපති අත්අඩංගුවට

Shiran Viraj

ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ ශී‍්‍ර ලංකා සංචාරය අවලංගු කෙරේ

Shiran Viraj

අපි කියන විදිහට අයවැය හැදුවොත් මීළග වාරිකය දෙනවා..- IMF

Shiran Viraj
Translate »