2026-09-25
mediahumanrights.lk
Local NewsNewsPolitical

රමිත ගත්ත තීරණය අගය කරන බව දුමින්ද කියයි

ජනවාරි මස 8 වන දින ඓතිහාසික වෙනසෙහි මුල්ම හවුල්කරුවෙක් වශයෙන් ජනක බණ්ඩාර මහතා සහ ප්‍රමිත බණ්ඩාර මහතා හැඳින්විය හැකි බවත් ඔවුන් පිළිබඳ පෞද්ගලිකව කිසිවක් ප්‍රකාශ කිරීමට නොකැමති බවත් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.
ජනක බණ්ඩාර මහතාගේ සංවිධායක ධූරය අහිමි වීම හමුවේ ඔහුගේ පුතා වශයෙන් ප්‍රමිත බණ්ඩාර මහතා ගන්නා ලද තීරණය තමා අගය කරන බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩි දුරටත් කියා සිටියේ ය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහනුවර දී පැවැත් වීමට නියමිත මැයි දිනය සම්බන්ධයෙන් අද (26) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.
එමෙන්ම ජනාධිපතිවරයා විසින් සෑම අවස්ථාවක දීම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට එකට එක් වෙන ලෙස විවෘතව ආරාධනා කර සිටිය දී එසේ නොකිරීම නිසා සංවිධායක ධූර වෙනස් කිරීමට සිදු වූ බවත් එය කිසිවිටකත් පළිගැනීමක් හෝ වෛරීය සහගත අදහසකින් සිදු කළ දෙයක් නොවන බවත් අමාත්‍යවරයා කියා සිටියේ ය.
(under the courtesy of adaderana news web)

Related posts

ආදායම හොයන්න රජයට උපදෙස් ගන්න සුද්දෙක් කැදවයි.. ඔහු කැමරන්ගේ ඇමතිවරයෙක්…

Shiran Viraj

සුලෙයිමානි ඝාතනය ගැන ට‍්‍රම්ප් යළිත් හේතු කියයි

Shiran Viraj

සමස්ත ආණ්ඩුවටම විරුද්ධව විශ්වාසභංගයක් ගේනවා

Shiran Viraj
Translate »