mediahumanrights.lk
Local NewsNews

රටේ ආබාධිත ළමුන් ගණන හෙළි කරයි

ශ‍්‍රී ලංකාවේ වයස අවුරුදු 05 ත් 17ත් අතර පසුවන ළමුන්ගෙන් 78,345 දෙනෙකු ආබාධිතයින් බව ළමා ක‍්‍රියාකාරකම් සමීක්ෂණ වාර්තාවකින් අනාවරණ වී තිබෙනවා.
ඉකුත් 2016 වර්ෂයට අදාළවයි මෙම සමීක්ෂණය සිදුකර ඇත්තේ. මෙරට ළමා ජනගහණය 4,571,442 ක් බව එම සමීක්ෂණ වාර්තාව මගින් අනාවරණ කර තිබෙනවා.
ඉන් ආබාධිත ළමුන් ලෙස අර්ථ දක්වා ඇත්තේ සාමාන්‍ය ක‍්‍රියාකාරකම් තමන්ට සම්පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් හෝ තනිව කර ගැනීමට නොහැකි, උපතින් හෝ උපතින් පසුව ඇති වූ  හේතූන් නිසා ආබාධිත තත්වයට පත්වූ අයයි.
ප‍්‍රතිශතයක් ලෙස ගැනීමේ දී වැඩිම ආබාධිත ළමුන් පිරිසක් සිටින්නේ වතුකරය ආශ‍්‍රිතවයි. නාගරික ප‍්‍රදේශවල ආබාධිත ළමයින්ගේ ප‍්‍රතිශතය 1.6% ක් ලෙස දැක්වෙනවා.
සමස්ත ළමා ජනගහණයෙන් 2,307,805 දෙනෙකු පිරිමි ළමුන්. මෙරට ළමා ජනගහණයෙන් 2,263,637 ක් ගැහැනු ළමුන් බව අනාවරණ වී තිබෙනවා.
වයස් ඛාණ්ඩ අනුව වර්ගීකරණයේ දී වයස අවුරුදු 5-11 ත් අතර ළමුන් 41,550 දෙනෙකු ද, වයස අවුරුදු 12-14 අතර ළමයින් 17,376 ක් ද, වයස අවුරුදු 15-17 ත් අතර ළමයින් 19,419 ක් ද ආබාධිතයින් බව ළමා ක්‍රියාකාරකම් සමීක්ෂණ වාර්තාව පෙන්වා දෙයි.

(under the courtesy of adaderana news web)

Related posts

ඉඩම් මුදලාලිගේ රට ගනුදෙනු ගැන පොලිසිය ඉව අල්ලයි

Shiran Viraj

පාර්ලිමේන්තුවේ බහුතරය අපට නෑ..අයවැය සම්මත කිරීම ගැටළුවක්-මරික්කාර්

Shiran Viraj

ඉහළ කොත්මලේ වාන් දොරටු 3ක් විවෘත කරයි

Shiran Viraj
Translate »