31.7 C
Colombo
2026-09-27
mediahumanrights.lk
Local NewsNewsPolitical

මීතොටමුල්ලේ පීඩාවට පත් ජනතාව මරික්කාර් සමග අරලියගහ මැදුරට

මීතොටමුල්ල කසල කන්ද කඩා වැටීමෙන් පීඩාවට පත් වූ , දේපල පූර්ණ හානි, අර්ධ හානි, අවදානමට ලක්විය හැකි සහ කුලී නිවාස වල ජනතාව 150 ක අධික පිරිසක් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා විසින් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවට පැමිණ වීමට කටයුතු කරන ලදී. ප්‍රධාන වශයෙන්ම මේ වන විට සහන ලබා දීමේදී ජනතාවට ඇති වී තිබෙන ප්‍රායෝගික ගැටළු ඔවුන් සමග සාකච්ඡා වට ලක් කරන ලද අතර අවසානයේදී  පොදුවේ පහත සදහන් ඉල්ලීම් වලට එකගතා පළකරන ලදී.
1.     පූර්ණ හානි, අර්ධ හානි සහ අවධානමට ලක්විය හැකි කලාපයන්හි නිවාස සහිත වූවන්ට තම ඉඩමට හා නිවසට යන දෙකටම වන්දි ලබා දීම.
2.     ඔප්පු නොමැති ,එහෙත් මෙම හානි පවතින නිවාස අයිති ජනතාවට සාධාරණ තක්සෙරුවක් සිදු කර වන්දි මුදලක් ලබා දීම.
3.     මෙම කලාපයේ සිටින කුලී නිවැසියන්ට යම්කිසි සාධාරණ වන්දි මුදලක් ද ලබා දීම.
4.     මෙම ප්‍රදේශයේ ස්වයං රැකියා වල සහ ව්‍යාපාර කටයුතු වල නියුතුවූන්ට මෙන්ම වාහන වලට සිදුවූ  අලාභ ද තක්සේරුව සිදු කිරීම.
5.     රජය විසින් ලබා දෙන වන්දි මුදල ලබා ගන්නවාද? නැතිනම් නිවාසයක් ලබා ගන්නවාද නැද්ද යන්න තීරණය කිරීම නිවැසියන්ටම ලබා දීම.
6.     මෙම සියළුම තක්සේරු කටයුතු හා වන්දි ලබා දීම මාස 03 ක් ඇතුලත සිදුකර අවසන් කිරීම.
මෙම එකගතා සදහා රජය මගින් . ඒ ආකාරයෙන්ම සුභදායි සහ ඉක්මනින් ක්‍රියාත්මක කරනු ඇතැයි බලාපොරොත්තු වන බව මරික්කාර් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසන ලදී.

Related posts

ලොව පුරා කොරෝනා මරණ එක් ලක්ෂ 34000 ඉක්මවයි-අමෙරිකාවෙන් මරණ 2500ක්

Shiran Viraj

දෛනිකව සංචාරකයන් 5,000ක් ලංකාවට…

Shiran Viraj

කුරුලෑවලින් පීඩා විඳින කාන්තාවන්ට පුරුෂ ශුක්‍රානුවෙන් සහනයක්

Shiran Viraj
Translate »