30 C
Colombo
2025-12-17
mediahumanrights.lk
Local NewsNews

මධ්‍යම පළාත් සභාව පොලිතීන් තහනම් කරන්න සැරසෙයි

පොලිතීන් භාවිතය තහනම් කිරීමට මධ්‍යම පළාත් සභාව සූදානම් වනවා.
පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක ප‍්‍රකාශ කළේ මේ සම්බන්ධයෙන් බළධාරීන් සමග සාකච්ඡා කර කඩිනමින් තීරණයක් ගන්නා බවයි.
පළාත් ආණ්ඩුකාරවරිය මෙම අදහස් පළ කළේ මහනුවර ගොහාගොඩ කසළ කන්ද නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
කසල කන්ද අවට පදිංචි ජනතාව ඉවත් කිරීමේ සූදානමක් ඇත්දැයි මාධ්‍යවේදීන් මෙහිදී පළාත් ආණ්ඩුකාරවරියගෙන් විමසීමක් කළා.
එමෙන්ම මධ්‍යම පළාත් සභාව කසළ කළමනාකරණයට ගෙන ඇති පියවර සම්බන්ධයෙන් ද මෙහි දී අදහස් පළ වුණා.
එහිදී ඇය වැඩි දුරටත් සඳහන් කළේ ජනතාවට සාධාරණයක් වෙන පරිදි ඉවත් කිරීම් සිදු කරන්නට පියවර ගන්නා බවයි.
(under the courtesy of nethfm news web)

Related posts

විමල් පොහොට්ටුවෙන්-කැබිනෙට්ටුවෙන් ඉවත් කරන්න සාකච්චා..

Shiran Viraj

ලෝක විවාහක රූ රැජිණ කිරුළ දිනූ කැරොලින් මව්බිමට

Shiran Viraj

වී මෙට්‍රික් ටොන් 55ක් ගත්තා.. ඉතුරු සල්ලි භාණ්ඩාගාරයට යවනවා..- වී අලෙවි මණ්ඩල සභාපති

Shiran Viraj
Translate »