26.7 C
Colombo
2026-09-11
mediahumanrights.lk
NewsSportsSports News

ප්‍රේක්ෂකයන් මවිත කර කුසල් දීපු හයේ හතරේ තෑග්ග මෙන්න

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවති පළමු 20 යි 20 තරගයෙන් කඩුුලු 6 ක සුපිරි ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුනා.
කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 155 ක් ලබාගත්තා.
පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 18 යි පන්දු 5 ක් අවසානයේ කඩුළු 4 ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.
බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගනිමින් තම 6 වන 20 යි 20 අර්ධ ශතකය ලබාගැනීමට කුසල් පෙරේරා ඊයේ සමත් වුනා.
කුසල්ගේ වේගවත් ඉනිමට හතරේ පහර 9 ක් සහ එක් හයේ පහරක් ඇතුලත් වුනා.
තරඟයේ වැඩි වාසිය ශ්‍රී ලංකාවට ගෙනදෙමින් කුසල් දැවී යන විට ලකුණු 77 ක් ලබා සිටියා.
ආබාධයකට ලක්ව සුවය ලබා සිටි කුසල් ඊයේ තරඟයට එක්වීම අවිනිශ්චිත තත්වයක පැවති අතර ඔහු අවසානයේ පැවති යෝග්‍යතා පරීක්ෂණයෙන් සමත්ව ඊයේ තරඟයට එක්වීමද විශේෂ වනවා.
කෙසේ වෙතත් පළමු විස්සයි විස්ස තරඟයේ වීරයා වෙමින් ශ්‍රී ලංකා ජයග්‍රහණයේ නියමුවා වූ කුසල්ගේ ඉනිම ඇතුළු ශ්‍රී ලංකා ඉනිමේ විශේෂ අවස්ථා පහතින්.
https://www.facebook.com/MeApeHiru/videos/766265196865729/
 
(under the courtesy of hirunews news web)

Related posts

කුසලාන සන්ධානයක් හදයි.. නායක දිනේෂ්.. සහාය රනිල්ට..

Shiran Viraj

ශ්‍රී ලංකාව හා ජපානය ගිවිසුම් 3න් බැඳෙයි

Shiran Viraj

තැපැල් වර්ජනයක් ළඟ එනවලු

Shiran Viraj
Translate »