2026-09-07
mediahumanrights.lk
Local NewsNewsPolitical

නව දිස්ත්‍රික් සංවිධායකවරු 7ක් පත්වීම් ලබයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහා පත් කළ නව දිස්ත්‍රික් සංවිධායකවරු හත්දෙනෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලබාගෙන තිබේ.
ජනාධිපති නිල නිවසේ දී ඔවුන් අදාළ පත්වීම් ලිපි ලබාගත් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ සංවිධානය නියෝජනය කළ ඉදිරි පෙළ ක්‍රියාකාරී නියෝජිතයන් හත්දෙනෙකු මෙලෙස දිස්ත්‍රික් සංවිධායකවරු ලෙස පත් කර ඇති බව සඳහන්ය.
ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කය සඳහා සුමුදු විජේවර්ධන, කුරුණෑගල දිස්ත්‍රික්කය සඳහා ආර්.එම්.සනත් පද්මසිරි සහ ඒ.ඒ.ඒ.ලතීෆ්, යන මහත්වරුන් පත් කර තිබේ.
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය සඳහා කේ.පී.ප්‍රියන්ත ප්‍රේමකුමාර, බදුල්ල දිස්ත්‍රික්කය සඳහා රසික දේශප්‍රිය රත්නායක, මඩකළපුව දිස්ත්‍රික්කය සඳහා එම්.එස්.සුබයිර් සහ යාපනය දිස්ත්‍රිතක්ය සඳහා එස්.කජන්තන් යන මහත්වරුන් දිස්ත්‍රික් සංවිධායකවරුන් ලෙස පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය.
(under the courtesy of adaderana news web)

Related posts

එයා කලාවට සම්බන්ධ නෑ පැහැසරා සමඟ එන පි‍්‍රයන්ත මන්සිළු

Shiran Viraj

තවත් සති දෙකක් සංචරණ සීමා දිගු කරන්න වෙනවා..

Shiran Viraj

ඇමරිකා ලොක්කෙක් කොළඹ වරායේ…

Shiran Viraj
Translate »