30.6 C
Colombo
2026-09-27
mediahumanrights.lk
Local NewsNews

දක්ෂිණ අධිවේගී මාර්ගයේ එක් දිනක් තුළ වැඩිම ආදායම ඊයේ වාර්තාවෙලා

දක්ෂිණ අධිවේගී මාර්ගයේ එක් දිනක් තුළ වැඩිම ආදායම ඊයේ(16) දිනයේ වාර්තා වී තිබේ.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ නඩත්තු හා මෙහෙයුම් අධ්‍යක්ෂ එස්.ඕපනායක මහතා පැවසුවේ ඊයේ (16) දිනයේ රුපියල් කෝටි 2යි දශම එකයි 5ක ආදායමක් උපයා ඇති බවය.
ඊයේ (16)දිනය තුළ පමණක් රථ වාහන 72,000ක් එම මාර්ගය භාවිත කර තිබේ.
අප්‍රේල් මස හත්වනදා සිට 16 වනදා දක්වා කාලය තුළ දක්ෂිණ අදිවේගී මාර්ගයෙන් රුපියල් කෝටි 23ක පමණ ආදායමක් උපයා ඇති බව ඇති බව එස්.ඕපනායක මහතා කියා සිටියේය.
එම කාලය තුළ රථ වාහන හත් ලක්ෂ 50,000ක සංඛ්‍යාවක් දක්ෂිණ අධිවේගී මාර්ගය භාවිත කර ඇති බව ඔහු සඳහන් කළේය.
මේ අතර පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ සිංහල දෙමළ අලුත් අවුරුදු සමයේ දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් ඉපයූ ආදායම සියයට 25කින් වැඩි වී ඇති බව ද වාර්තා වේ.
නඩත්තු හා මෙහෙයුම් අධ්‍යක්ෂ එස්.ඕපනායක මහතා සඳහන් කළේ පසුගිය වසරට සාපේක්ෂව එම මාර්ගය භාවිත කළ රථ වාහන සංඛ්‍යාවද සියයට 20කින් පමණ වැඩි වී ඇති බවය.
(under the courtesy of adaderana news web)

Related posts

අමිලාගේ කැදැල්ලේ නැවුම් තතු

Shiran Viraj

ජනාධිපතිගේ නිලකාලය තෙදිනක් තුළ ජනපතිට

Shiran Viraj

ජයග්‍රහණයේ සතුටට අමුතු වැඩක් කළ පොහොට්ටු අපේක්ෂකයෙක්

Shiran Viraj
Translate »