30 C
Colombo
2026-09-08
mediahumanrights.lk
Local NewsNews

උත්සව සමයේ මගී පහසුකම් සපයන්න ලංගම සූදානම්

සිංහල හා දෙමළ අලූත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා පිටත්ව යන මගී ජනතාව සඳහා අතිරේක බස් රථ යෙදවීමට ලංකා ගමනාගමන මණ්ඩලය පියවර ගෙන තිබෙනවා.
ඒ පිළිබඳ අදහස් දක්වන එහි සභාපති රමාල් සිරිවර්ධන සඳහන් කළේ මේ වන විට අතිරේක බස් රථ 50 කට අධික ප්‍රමාණයක් මගී අවශ්‍යතා සඳහා යොදවා ඇති බවයි.
එළඹෙන 15 වැනිදා දක්වා මගී අවශ්‍යතා අනුව බස් රථ යෙදවීමට බලාපොරොත්තු වන බවද සඳහන් කෙරුණා. යළිත් 16 වැනිදා සිට 25 වැනිදා දක්වා මගී අවශ්‍යතාව පරිදි බස් රථ යෙදවීමට ද සැළසුම් කර ඇති බවත් පැවසුවා.
මෙම කාලසීමාව තුළ අතිරේක බස් රථ 2000කට අධික ප්‍රමාණයක් යෙදවීමට බලාපොරොත්තුවන බවද සඳහන් කළා.
මගී ජනතාවගෙන් වැඩි ගාස්තු අය කරන ලංගම බස් රථ කොන්දොස්තරවරුන්ට එරෙහිව විනය ක‍්‍රියාමාර්ග ගන්නා බව ද ලංකා ගමනාගමන මණ්ඩලය පැවසුවා. එහි සභාපති රමාල් සිරිවර්ධන කියා සිටියේ ඒ පිළිබඳ පැමිණිලි ඇත්නම් වහාම සිය මණ්ඩලය වෙත දැනුම් දෙන ලෙසයි.

(under the courtesy of nethfm news web)

Related posts

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් වෙන හැටි ශ්‍රීල.නි.ප.ය කියයි

Shiran Viraj

ටෙලි නාට්‍ය, ගුවන්විදුලි හඬකැවීම් නිසා හරිම කාර්යබහුලයි

Shiran Viraj

බන්ධනාගාරවල කොරෝනා පැතිරීමේ අවදානමක්….

Shiran Viraj
Translate »