31.7 C
Colombo
2026-07-05
mediahumanrights.lk
Local NewsNewsPolitical

ආණ්ඩුවට එරෙහිව විග්නේෂ්වරන් සමග හකීම් සහ බදියුදීනුත් එක්වෙති

ආණ්ඩුවට විරෝධය පළ කරමින් උතුරු නැගෙනහිර ජනතාව නියෝජනය කරන සුළු පක්‍ෂ සියල්ල එක්ව හෙට දිනයේ පැවැත්වෙන හර්තාලයට සියල්ලන්ගේම සහාය හිමිව ඇති බව දෙමළ මහජන සභාව පවසනවා.
උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන්ගේ නායකත්වයෙන් යුත් දෙමළ මහජන සභාවේ නියෝජිතයින් ප‍්‍රකාශ කළේ අවතැන්වූවන්ගේ ගැටළුවලට විසදුම් ලබාදෙන ලෙස හා උතුරු නැගෙනහිර ජනතාවගේ ඉඩම්වල ඇති හමුදා කදවුරු ඉවත් කර ගන්නැයි බල කරමින් මෙම හර්තාලය පවත්වන බවයි.
ඊට විපක්‍ෂ නායක ආර් සම්බන්ධන්ගේ නායකත්වයෙන් යුත් දෙමළ ජාතික සන්ධානය, අමාත්‍ය රාවුෆ් හකීම්ගේ ශී‍්‍ර ලංකා මුස්ලිම් කොංග‍්‍රසය හා අමාත්‍ය රිෂාඞ් බදියුදීන් නායකත්වය දරණ සමස්ත ලංකා මුස්ලිම් කොංග‍්‍රසය යන පක්‍ෂ සහාය පළ කර ඇති බවයි වාර්තා වන්නේ.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ප‍්‍රකාශ කර ඇත්තේ ඉල්ලීම් පිළිබද තම පක්‍ෂයට එකග විය හැකි බැවින් හර්තාලයට සහාය පළ කරන බවයි.
කෙසේවෙතත් හෙට දිනයේ පැවැත්වීමට නියමිත හර්තාලයට සහාය දෙනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව වව්නියාව වෙළද සංගමය ප‍්‍රකාශ කර තිබෙනවා.
(under the courtesy of nethfm news web)

Related posts

මට සමාවෙන්න,ඉක්මණට ආපු ගමන් අලුත් ගීත දෙන්නම්” නැවත නැගිටපු දමිත් අසංක රසිකයන්ට ලබා දුන් විශේෂ පණිවිඩය – PHOTOS

Shiran Viraj

ෆවුසිට වසර දෙකක සිර දඬුවම් නියම කරයි..

Shiran Viraj

පලාත් සභා මැතිවරණය පවත්වනවා.. එය අපට ඉතා වාසියි..

Shiran Viraj
Translate »