26.5 C
Colombo
2026-10-10
mediahumanrights.lk
Local NewsNews

අගමැතිගේ ජපන් සංචාරයේ නිල කටයුතු අද අරඹයි

ජපානයේ පස්දින නිල සංචාරයක නිරත අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිල කටයුතු අද (11)ආරම්භ වේ.
අග්‍රමාත්‍යවරයා ඇතුළු දූත පිරිස ජපානයේ නරිටා ජාත්‍යන්තර ගුවන්තොපළ වෙත  ඊයේ(10) පැමිණි අවස්ථාවේ දී  ජපාන අග්‍රමාත්‍යවරයාගේ විශේෂ උපදේශක හිරෝතෝ ඉෂුමී, ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ධම්මික ගංගනාත් දිසානායක සහ ශ්‍රී ලංකාවේ  ජපාන තානාපති කෙනිචි සුගනුමා යන මහත්වරුන් විසින් පිළිගෙන තිබේ.
ජපාන අග්‍රමාත්‍ය ෂිංෂෝ අබේ මහතාගේ ආරාධනයකට අනුව සංචාරයේ නිරත වන අග්‍රමාත්‍යවරයා කියොතෝහිදී පැවැත්වෙන ජපාන විද්‍යා හා තාක්ෂණික සංගමයේ වාර්ෂික සැසියේ දේශනයකට ද සහභාගි වීමට නියමිතය.
 දෙරටේ අග්‍රමාත්‍යවරුන් අතර ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වෙන අතර ආර්ථික, වෙළෙඳ සහ අයෝජන මෙන්ම විද්‍යා හා සංස්කෘතික ක්ෂේත්‍ර සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර තිබේ.
 අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජපානයේ හිටපු අග්‍රමාත්‍යවරුන් හමුවීමට ද නියමිත අතර තවත් සංවිධාන කිහිපයක් සමඟ ද සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
එම සංචාරය සඳහා  මංගල සමරවීර, ආචාර්ය සරත් අමුණුගම සහ මලික් සමරවික්‍රම යන අමාත්‍යවරුන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා ද එක්ව සිටියි.

(under the courtesy of adaderana news web)

Related posts

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ දෙවන ටෙස්ට් ගැටුම ඇරඹේ

Shiran Viraj

පාර්ලිමේන්තුවේ වත්මන් සංයුතිය පිළිබඳව බත්තරමුල්ලේ සීලරතන හිමිගෙන් විවේචනාත්මක අදහස්

Shiran Viraj

කරන්දෙණියේ ගම්මාන 06ක් ලොක්ඩවුන්.

Shiran Viraj
Translate »