28.4 C
Colombo
2026-09-15
mediahumanrights.lk
Local NewsNews

GSPප්ලස් ලංකාවට ලබාදීමට එරෙහිව යුරෝපා පාර්ලිමේන්තුවට යෝජනාවක්

ජී.එස්.පී.ප්ලස් බදු සහනය ශ්‍රී ලංකාවට ලබාදීමට එරෙහිව යුරෝපා පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් වී තිබේ.
යුරෝපා පාර්ලිමේන්තුවේ පනස් දෙදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් අදාළ යෝජනාව සභාගත කර ඇති බව වාර්තා වෙයි.
ශ්‍රී ලංකා රජයේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ප්‍රමාණවත් නොවන බවත්, ජී.එස්.පී.බදු සහනය ලබාදීම සඳහා වු නිර්දේශ සැපිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර නොමැති බවත්, පවසමින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව ජී.එස්.පී.ප්ලස් බදු සහනය ශ්‍රී ලංකාවට ලබාදීම වළක්වාලන ලෙස යුරෝපා කොමිසමට දැනුම්දෙන ලෙස අදාළ යෝජනාව මඟින් ඉල්ලා ඇත.
පසුගියදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වු වාර්තාව උපුටා දක්වමින් අදාළ පාර්ලිමේන්තු කණ්ඩායම පෙන්වා දී ඇත්තේ මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකාව විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග මන්දගාමී බවයි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි නොකිරීම, මානව හිමිකම් උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන්  චෝදනා ලැබු පුද්ගලයින්ට දඞුවම් ලබානොදීම, වැනි කරුණු පිළිබදව ද එම යෝජනාව මඟින් පෙන්වා දී තිබේ.
අදාළ යෝජනාව අප්‍රේල් මස 26 සහ 27 යන දිනවලදී යුරෝපා පාර්ලිමේන්තුවේ දී සාකච්ඡා කිරීමට නියමිත අතර එය සම්මත කරගැනීම සඳහා ඡන්ද විමසීමක් පැවැත්වීමට ද නියමිතය.
යෝජනාව සම්මත කරගැනීමට නම් යුරෝපා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධූර 751න් 376ක ඡන්ද සංඛ්‍යාවක් හිමිවිය යුතු බව වාර්තා වෙයි.
අදාළ යෝජනාව යුරෝපා පාර්ලිමේන්තුව තුළ සම්මත වුවහොත් එම යෝජනාව යුරෝපා සංගමය වෙත යොමුකිරීමට නියමිතව තිබේ.
(under the courtesy of adaderana news web)

Related posts

පන්නිපිටියට උඩු ගුවනින් තේ කොළ..ජනතාව භීතියට – සිවිල් ගුවන් නීතියත් උල්ලංඝනය කරලා

Shiran Viraj

නඩුවට ගෙනා සිරකරු නිලධාරීන්ගෙන් මිදී අධිකරණයේ වහලයටම යයි

Shiran Viraj

දහම් පාසල් ආරම්භ කිරීමට අවසර

Shiran Viraj
Translate »