mediahumanrights.lk
Local NewsNewsPolitical

විමල්ට තවත් පැමිණිල්ලක් ගොනුවෙයි

විමල් වීරවංශ මන්ත්‍රීවරයා ඇතුළු 7දෙනෙකුට විරුද්ධව පැමිණිල්ලක් ගොනු කරන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර අද (24) නියෝග කළා.
ඒ 2016 පෙබරවාරි 06 වන දා කොළඹ ජගත් සංවිධාන කාර්යාලය ඉදිරිපිට දී ජගත් මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන්ට එරෙහිව පැවැත්වූ උද්ඝෝෂණයක දී බෞද්ධාලෝක මාවත හා හැව්ලොක් පාර අවහිර කිරීම නිසා මහජන පීඩාවක් ඇති කළ බවටයි ඔවුන්ට චෝදනා එල්ල වී ඇත්තේ.
විමල් වීරවංශ, ජයන්ත සමරවීර, වීරකුමාර දිසානායක යන මන්ත්‍රීවරුන් හිටපු මන්ත්‍රී පියසිරි විජේනායක, පළාත් මන්ත්‍රී රොජර් සෙනෙවිරත්න,හිටපු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල්, චමින්ද ජයලාල් යන අය මෙහි සැකකරුවන් වනවා.
පොලිසිය අද (24) අධිකරණයට කියා සිටියේ 7වන සැකකරු සොයා ගත නොහැකි බවයි.
ඔහු සොයාගත් පසු පැමිණිල්ල ගොනු කරන බව පොලිසිය කියා සිටි අතර පැමිණිල්ල ගොනු කරන ලෙස නියෝග කළ අධිකරණය 2017 සැප්තැම්බර් 08 වන දාට නඩුව කල් දැමුනා.
(under the courtesy of hirunews news web)

Related posts

රජ මාලිගාවේ දිනපතා කොරෝනා පරීක්‍ෂණ…

Shiran Viraj

රනිල්ට ස්තුතියි.. පැරදුනු ගමන් ඔහු නිල නිවසක් නොගෙන තම නිවසට ගියා..- ජනපති අනුර

Shiran Viraj

ජනාධිපති අපේක්‍ෂක ගෝටාභය ස්ථිරයි.. මහින්ද විශේෂ ප‍්‍රකාශයට සූදානම්..

Shiran Viraj
Translate »