mediahumanrights.lk
Local NewsNews

මධ්‍යම පළාත් සභාව පොලිතීන් තහනම් කරන්න සැරසෙයි

පොලිතීන් භාවිතය තහනම් කිරීමට මධ්‍යම පළාත් සභාව සූදානම් වනවා.
පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක ප‍්‍රකාශ කළේ මේ සම්බන්ධයෙන් බළධාරීන් සමග සාකච්ඡා කර කඩිනමින් තීරණයක් ගන්නා බවයි.
පළාත් ආණ්ඩුකාරවරිය මෙම අදහස් පළ කළේ මහනුවර ගොහාගොඩ කසළ කන්ද නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
කසල කන්ද අවට පදිංචි ජනතාව ඉවත් කිරීමේ සූදානමක් ඇත්දැයි මාධ්‍යවේදීන් මෙහිදී පළාත් ආණ්ඩුකාරවරියගෙන් විමසීමක් කළා.
එමෙන්ම මධ්‍යම පළාත් සභාව කසළ කළමනාකරණයට ගෙන ඇති පියවර සම්බන්ධයෙන් ද මෙහි දී අදහස් පළ වුණා.
එහිදී ඇය වැඩි දුරටත් සඳහන් කළේ ජනතාවට සාධාරණයක් වෙන පරිදි ඉවත් කිරීම් සිදු කරන්නට පියවර ගන්නා බවයි.
(under the courtesy of nethfm news web)

Related posts

ඊයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් අතර පොලිසියේ සහ STF සාමාජිකයින් 39ක්

Shiran Viraj

ඉන්නේ රෙදි ඇදගෙනද… අගරදගුරුගෙන් හිටපු ජනපතිට දැඩි ප‍්‍රහාරයක්…

Shiran Viraj

YouTube නිර්මාණකරුවන්ට ශ්‍රී ලංකාව තුළ මුදල් ඉපයිමට කදිම අවස්ථාවක්

Shiran Viraj
Translate »