mediahumanrights.lk
Local NewsNews

ජංගම දුරකථනය භාවිතා නොකරන ලෙසට කොමිසමෙන් හිටපු මහබැංකු අධිපතිට අවවාද

මහබැංකු බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම තුළ ජංගම දුරකථන භාවිතා නොකරන ලෙසට එම කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී.චිත්‍රසිරි හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් වෙත අවවාද කර තිබෙනවා.
ජනාධිපති කොමිසම ඊයේ දිනයේදී සාක්ෂි විමසීම සඳහා හිටපු මහබැංකු අධිපතිවරයාට පැමිණෙන ලෙස දන්වා සිටි අතර, ඒ අනුවයි ඔහු පැමිණ ඇත්තේ.
එම අවස්ථාවේදී සාක්ෂි විභාග කිරීමේ කටයුතු සිදුවන අතරතුර ඔහු ජංගම දුරකථනය පරිහරණය කර ඇති බව සඳහන්.
එහිදී කොමිසමේ සභාපතිවරයා එහි වැඩකටයුතු මදකට නවතා දමා එසේ නොකරන ලෙසට ඔහුට අවවාද කරන ලෙස හිටපු මහබැංකු අධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයාට දැනුම්දී තිබෙනවා.
(under the courtesy of hirunews news web)

Related posts

අදත් හවස 2න් පස්සේ දිවයිනේ බොහෝ තැන්වලට වැස්ස

Shiran Viraj

ශිෂ්‍යාත්වය අහෝසියි.. O/L 10 ශ්‍රෙණියේදී.. A/L 12 ශ්‍රේණියේදී.. අසමතුන් නෑ.. සියළුම සිසුන්ට උපාධි..

Shiran Viraj

ගොඩබිමට ගෙන එන්නත් කලින් මීගමුවේදී රුපියල් කෝටි දෙකකට අලෙවි වූ අති දුර්ලභ මත්ස්‍යයා (PHOTOS)

Shiran Viraj
Translate »