mediahumanrights.lk
Local NewsNews

අරීස් 13 නෞකාවේ කාර්ය මණ්ඩලය දිවයිනට

සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් විසින් ප්‍රාණ ඇපයට ගෙන පසුව නිදහස් කෙරුණු අරීස් 13 නෞකාවේ කාර්යමණ්ඩලය දිවයිනට පැමිණ තිබේ.
ඊයේ (12) පස්වරුවේ දෝහා සිට පැමිණි යානයකින් ඔවුන් දිවයිනට පැමිණි බව අද දෙරණ ගුවන් තොටුපල වාර්තාකරු සඳහන් කළේය.
පසුගිය මාර්තු මස 13 වන දින සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් පිරිසක් විසින් ශ්‍රී ලාංකිකයින් 08 දෙනෙකු සහිත අදාළ නෞකාව පැහැරගනු ලැබුවේය.
ශ්‍රී ලංකා රජය මැදිහත්ව කොල්ලකරුවන් ග්‍රහණයේ පැවති නෞකාව සහ එහි කාර්යමණ්ඩලය පුට්ලන්ඩ් ආරක්ෂක අංශ විසින් බේරා ගැනිණි.
ඒ අනුව අදාළ නෞකාවේ සියලු කාර්යමණ්ඩලය ඊයේ දිනයේ දිවයිනට පැමිණියේ ය.
දිවයිනට පැමිණි අරිස් 13 නෞකාවේ ප්‍රධාන ඉංජිනේරු ජයන්ත කළුබෝවිල මහතා මාධ්‍ය හමුවේ තම අත්දැකීම් කියා සිටියේ ය.
(under the courtesy of adaderana news web)

Related posts

සියලුම මැතිවරණ තේරීම්භාර නිලධාරීන් කොළඹට

Shiran Viraj

ක්ෂය රෝග මර්ධන ව්‍යාපාරය සතු PCR යන්ත්‍ර 36 ක් කොවිඩ් – 19 මර්ධනයට යොදා ගන්නේ නැහැ – රජයේ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සංගමය

Shiran Viraj

කාන්තාවන්ට ලෝකයේ හොදම ජංගි මහන්නේ අපියි- අගමැති

Shiran Viraj
Translate »