mediahumanrights.lk
Local NewsNewsPolitical

හිරුණිකාගේ ඩිෆෙන්ඩර් නඩුවට දින නියම කෙරේ

දෙමටගොඩ ප‍්‍රදේශයේදී කළු පැහැති ඩිෆෙන්ඩර් රථයකින් තරුණයෙකු පැහැරගෙන ගිය බවට කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ලැබ සිටින පාර්ලිමේන්තු මන්තී‍්‍ර හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර ඇතුළු විත්තිකරුවන් නව දෙනෙකුට එරෙහි නඩුව විභාගයට අද දින නියම කෙරුණා.
ඒ, සිද්ධියට අදාළ නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ආර් ගුරුසිංහ හමුවේ කැදවූ අවස්ථාවේදීයි. ඒ අනුව එම නඩුව නොවැම්බර් මස 6 සහ 8 යන දිනවලදී විභාගයට ගනු ඇති.
මෙම නඩුවේ පළමු විත්තිකරු මේ වනවිට රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන බැවින් ඔහු නොමැතිව අදාළ නඩුව අද විභාගයට ගැනීමට නොහැකිවීම හේතුවෙනුයි එය කල් දැමුණේ.
2015 දෙසැම්බර් මස 21 වන දින සිදුවූ බව කියන මෙම සිද්ධියට අදාළ නඩුවේ 9 වන විත්තිකාරිය වන්නේ හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මන්තී‍්‍රවරියයි.
මේ අතර රතුපස්වල වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හමුදා සාමාජිකයින් තිදෙනා ලබන මස 3 වනදා තෙක් අද යළි රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණා.
ඒ, ඔවුන් ගම්පහ වැඩබලන මහේස්ත‍්‍රාත් වසන්තා ගුණසේකර හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.
(under the courtesy of nethfm news web)

Related posts

දඹුල්ලේ නිවසට ගිය මිනුවන්ගොඩ ඇගළුම්හල් සේවකයාට කොරෝනා

Shiran Viraj

මන්ත්‍රී සහ පොලිසිය අතර ආරවුල ගැන ටිරාන් වාර්ථාවක් කැදවයි…

Shiran Viraj

ඇමති අලි සබ්රි අගමැති මහින්දගේ 20 ට අදාල පොරොන්දුවට අභියෝග කරයි

Shiran Viraj
Translate »