mediahumanrights.lk
Local NewsNewsPolitical

හමුදාව සූදානම් කරන්නැයි ජනපති ෆොන්සේකාගෙන් ඉල්ලයි

දැනට දරන අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී ආරක්ෂක අංශවල මෙහෙයවීමේ වගකීම භාර ගන්නා ලෙස ජනාධිපතිවරයා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
රටේ විනය පවත්වාගෙන යෑම සඳහා ආරක්ෂක අංශ මෙහෙයවීමට සුදුසුම පුද්ගලයා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා වන බැවින් යුද හමුදාපති ධූරය හෝ ත්‍රිවිධ හමුදා මෙහෙයවීමේ වගකීම භාර විශේෂ තනතුරක් භාර ගන්නා ලෙස ජනාධිපතිවරයා මෙම ඉල්ලීම සිදු කළ බවයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න අද (26) පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදී කියා සිටියේ.
වත්මන් යහපාලන ආණ්ඩුව යටතේ පොදු ජනතාවට ලබා දුන් නිදහස ඇතැම් දූෂිත පුද්ගලයින් සහ පිරිස් විසින් අයුතු ලෙස යොදා ගනිමින් වැඩවර්ජන, උද්ඝෝෂණ වැනි ක්‍රියා සිදු කරන බැවින් එහිදී ඇතිවන තත්ත්වයන්ට මුහුණ දීම සඳහා හමුදාව සූදානම්ව තැබිය යුතු බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.
(under the courtesy of nethfm news web)

Related posts

අදත් සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

Shiran Viraj

ජපානයෙන් ශ්‍රී ලංකාවට නවීන යාත්‍රාවක්

Shiran Viraj

කුඩු සුද්දී නිසා පොලිසියේ තිදෙනෙකුට වැඩ තහනම්

Shiran Viraj
Translate »