28 C
Colombo
2024-07-27
mediahumanrights.lk
News

සිරෝසිස්‌ සුව කරන කීකිරිඳිය කටුකරෝසන

ප්‍රශ්නය – පාරම්පරික සිංහල ඖෂධ ශරීරයට බලපාන්නේ කොහොමද කියන එකත් අක්‌මාවේ ස්‌වභාවය ගැනත් පසුගිය සතියේ අප ඔබ සමඟ සාකච්ඡා කළා. ඒ සිරෝසිස්‌ රෝගය පිළිබඳව පළ කෙරෙන ලිපි පෙළක කොටසක්‌ වශයෙනුයි. අද අප තවදුරටත් කතා කරන්නේ මේ රෝගය ගැනමයි. සිරෝසිස්‌ රෝගයට ප්‍රතිකාර වශයෙන් යොදා ගත හැකි ශාක මොනවාද?
වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි – Eclipata Prostrata හෙවත් කීකිරිඳිය නමැති ඖෂධීය පැළෑටිය සිරෝසිස්‌ රෝගය සඳහා යොදා ගත හැකි ඉතාම උසස්‌ ඖෂධයක්‌. මේ ගසේ qමුල්, මල් සහ නටු යනාදිය වංගෙඩියක දමා වතුර ස්‌වල්පයක්‌ සමඟ එක්‌කර කොටා එයින් යුෂ තේ හැන්දක්‌ ගෙන මී පැණි බිංදු තුනක්‌ සමඟ මිශ්‍රකර දිනකට වරක්‌ බැගින් එක දිගට දින 14 ක්‌ සිරෝසිස්‌ රෝගීන්ට ලබා දීමෙන් විශාල සුවයක්‌ ලබා ගත හැකියි. මෙහිදී යොදා ගත හැක්‌කේ අමු කීකිරිඳිය ගස්‌ බව මතක තබා ගැනීම වැදගත්. එක්‌ වේලක්‌ සඳහා අවම වශයෙන් නැවුම් කටුකරෝසන ග්‍රෑම් 100 ක්‌ වත් අවශ්‍යයි. මොනම හේතුවකටවත් සොහොන් බිමක හැදුන හෝ වියළි කීකිරිඳිය ගන්න එපා.
ඊළඟ ඖෂධය වන්නේ Picrorhiza Kurrora හෙවත් කටුකරෝසනයි. මෙහි මුල් පිරිසිදු කර හොඳින් වියළා කුඩු බවට පත් කර ගෙන ඉන් තේ හැන්දක්‌ මී පැණි තේ හැන්දක්‌ සමඟ මිශ්‍ර කර දිනකට තුන්වරක්‌ අනුභව කළ යුතුයි. එනම් දිනකට කටුකරෝසන මුල් කුඩු තේ හැඳි 3 ක්‌ සමඟ මී පැණි තේ හැඳි 3 ක්‌ ශරීරගත විය යුතුයි. මෙයින් මල බද්ධ තත්ත්වයක්‌ ඇති වන බව හැඟේ නම් ඖෂධ අනුභව කිරීමෙන් පසු උණුසුම් වතුර කෝප්පයක්‌ පානය කළ යුතුයි. අක්‌මාව උත්තේජනය වීමත් එමගින් පිත නිෂ්පාදනය වීමත් කටුකරෝසන මගින් සිදු වෙනවා. ඊට අමතරව සිරෝසිස්‌ නිසා තුවාල වූ අක්‌මාවේ පටක කටුකරෝසන ප්‍රතිකාරය නිසා නැවත ප්‍රකෘති තත්ත්වයට පත් වෙනවා. හැබැයි මේ ඖෂධය දින 7 ක්‌ එක දිගට ගෙන දින දෙකක විවේකයකින් පසු නැවත දින 7 ක්‌ එක දිගට ගත යුතුයි.
මේ විදියට දින 7 කට්‌ටල 6 ක්‌ එනම් දින 92 ක්‌ මේ ඖෂධය ගත යුතුයි. මෙයට අමතරව ගස්‌ලබු ඇට චූර්ණ කර (කුඩු කර) ඉන් තේ හැන්දක්‌ දෙහි යුෂ තේ හැන්දක්‌ සමඟÊමිශ්‍ර කර දිනකට දෙවරක්‌ පානය කළ යුතුයි. මෙය මාසයක්‌ පමණ එක දිගට කළත් ප්‍රශ්නයක්‌ නැහැ. තවත් හොඳ ඖෂධයක්‌ තමයි කැරට්‌ ඉස්‌ම සහ නිවිති ඉස්‌ම. කැරට්‌ ග්‍රැම් 200 ක්‌ පමණ වතුර වීදුරුවක්‌ සමඟ මිශ්‍රකර බ්ලෙන්ඩරයක දමා ගසාගෙන සීනි ස්‌වල්පයක්‌ යොදා දිනපතා පානය කළොත් සිරෝසිස්‌ රෝගය ඉතා ඉක්‌මනින් සුව වෙනවා. නිවිති යුෂ මෙලෙසම බ්ලෙන්ඩ් කර වීදුරුව බැගින් පානය කිරීමත් ඉතාම හොඳයි. තක්‌කලි යුෂත් මේ රෝගයට ඉතාම හොඳයි. තක්‌කලි ග්‍රෑම් 200 ක්‌ වතුර වීදුරුවක්‌ සමඟ බ්ලෙන්ඩරයක දමා ගසාගෙන දිනපතා පානය කිරීම ඉතාම සුදුසුයි. සිරෝසිස්‌ සුව කරන රහස්‌ බෙහෙත් කිහිපයක්‌ ම තිබෙනවා. ඒවා පුවත්පත්වලින් ප්‍රසිද්ධ කළාම වැරදි අත්වලට යනවා. ඒ නිසයි ඒවා නොකියන්නේ.

Related posts

පාපැදියේ මිලෙන් ඇස් උඩ ගිය ධර්මරත්නගෙන් හැමෝටම පණිවුඩයක්..

Shiran Viraj

ලැප්ටොප් තහනමට හේතුව හෙළිවෙයි

Shiran Viraj

සෙල්ලම් කරන්න අත පය වාරු නැති පුංචි දියණියක් ගැන දුක හිතෙන කථාවක් – Photos

Shiran Viraj