28.4 C
Colombo
2026-09-08
mediahumanrights.lk
Local NewsNews

සයිටම් රෝහලෙන් හමුවූ අස්ථි කොටස් තාජුඩීන්ගේද? ඩී.එන්.ඒ වාර්තාව එයි

මාලබේ සයිටම් ආයතනයේ තිබී රහස් පොලිසිය භාරයට ගෙන ඩී.එන්.ඒ පරීක්ෂණය සදහා යොමුකළ ඝාතනයට ලක්වූ බව කියන රගර් කී‍්‍රඩක මොහොමඞ් වසීම් තාජුඩීන්ට අයත් යැයි සැක කෙරෙන අස්ථි කොටස් සහ කලවා කොටස් අතර තාජූඩීන්ගේ අස්ථි කොටස් අඩංගු නොවන බවට තහවුරු වී ඇතැයි රහස් පොලිසීය ඊයේ (05) අධිකරණයට දැනුම් දුන්නේය.
බොරැල්ල ජින්ටෙක් ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ රුවන් ඉලේපෙරුම මහතා මේ බව දැන්වූ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ වැඩබලන අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රසාද් සිල්වා මහතාට දැනුම් දුන්නේය.
මෙම සිද්ධියට අදාළවම සාක්ෂි වසන්කර කුමන්ත‍්‍රණය කළැයි සැකපිට රිමාන්ඩ් කර සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා ලබන 18 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගර ගත කරන ලෙසද නියෝග කෙරිණ.
මෙම අස්ථි කොටස් අස්ථාන ගතවීම සම්බන්ධයෙන් විමර්ශන පවත්වා එහි උදෘත ඉකුත් පෙබරවාරි මස 05 වැනිදා නීතිපතිවරයා වෙත උපදෙස් පතා යොමුකර ඇතැයි ද රහස් පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය.
(under the courtesy of asianmirror news web)

Related posts

මාස 10යි – 180ක් මැරිලා

Shiran Viraj

රෝගියෙක් බේරගන්න පිළිසරණක් වූ මෙහෙයුමක්

Shiran Viraj

හාල්, පොල් , බෙහෙත් දෙන්න බැරිව, තෙල් විදුලිය අඩු කරන්න බැරිව ආණ්ඩුව ගොත ගගහා කෙඳිරි ගගා ඉන්නේ..

Shiran Viraj
Translate »