mediahumanrights.lk
Local NewsNews

සම සෞඛ්‍ය සිසුන්ට 25 සිට ප්‍රායෝගික පුහුණුව

සම සෞඛ්‍ය සිසුන්ට ලබන 25 වැනිදා සිට සිය ඒකකයන් තුළ ප්‍රායෝගික පුහුණුව ලබාදීමට පියවර ගන්නා බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි.
එහි ප්‍රධාන ලේකම් ධර්මකීර්ති ඈපා මහතා සඳහන් කළේ දිගින් දිගටම සෞඛ්‍ය බලධාරීන් සම සෞඛ්‍ය සිසුන්ට ප්‍රායෝගික පුහුණුව ලබාදීම මඟහරිමින් සිටින බවයි.
ප්‍රායෝගික පුහුණුව නොමැතිවීම හේතුවෙන් විකිරණ ප්‍රතිකාරක උපාධිය ලබාදීම ද මේ වන විට තාවකාලිකව අත්හිටුවා ඇති බව සඳහන්ය.
මෙම තත්ත්වය අඛණ්ඩව පැවතීමෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇති වන ගැටළු මඟහරවා ගැනීම සඳහා සම සෞඛ්‍ය සිසුන්ට ප්‍රායෝගික පුහුණුව ලබාදීමට තම සංගමය තීරණය කළ බව ධර්මකීර්ති ඈපා මහතා සඳහන් කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

අර්ථ සාධක අරමුදලටත් බද්දක් ගහයි..

Shiran Viraj

පාරේ කුණු දාන අයට ඉදිරියේදී වැඩ වරදියි

Shiran Viraj

කිරි ගොවියන්ට සහ ධීවරයන්ට බඩේ පහර!

Shiran Viraj
Translate »