2026-09-17
mediahumanrights.lk
Local NewsNews

ශ‍්‍රී ලංකාව අසලදී විදෙස් නැවක් ගිනි ගනියි – නාවික හමුදාව ගින්න නිවයි

පැනමා ධජය යටතේ යාත‍්‍රා කරමින් තිබූ ඩැනීලා නම් වූ බහාලූම් නෞකාවක ගින්නක් හට ගෙන තිබෙනවා.
ඒ කොළඹ වරායේ සිට මුහුදු සැතපුම් 33ක් පමණ වූ දුරකදීයි.
පසුව ගින්න සම්බන්ධයෙන් නාවික හමුදාව දැනුවත් කෙරුණ.
කඩිනමින් ක‍්‍රියාත්මක වූ නාවික හමුදාව ගින්න මැඩ පැවැත්වීම සඳහා වේග ප‍්‍රහාරයක යාත‍්‍රා දෙකක් පිටත් කළා.
ඒ සඳහා කොළඹ වරාය සතු රාවනා සහ මහවැව යන ටග් යාත‍්‍රාවන් ද එක් වුණා.
ටග් යාත‍්‍රාවන් කටයුතු කළේ ගින්න මැඩ පැවැත්වීම සඳහායි.
වේග ප‍්‍රහාරක යාත‍්‍රා නෞකාවේ කාර්ය මණ්ඩලය බේරා ගැනීමට කටයුතු කළා.
පසුව ගින්න සම්පූර්ණයෙන් මැඩ පැවැත්වීමේ කටයුතු ආරම්භ වුණා.
වේග ප‍්‍රහාරක යාත‍්‍රා දෙක තවදුරටත් එම මුහුදු සීමාවේ රඳවා තබා නෞකාවේ කාර්ය මණ්ඩලයට සහය දක්වන බවයි නාවික හමුදාව ප‍්‍රකාශ කළේ.
(under the courtesy of nethfm news web)

Related posts

බිල්පත් මුද‍්‍රණයට කඩදසි නෑ.. ජල බිල්පත් SMS මගින්…

Shiran Viraj

කොළඹ නගරයේ වාහන නැවතුම් ගාස්තු අය කිරීම් අද සිට යළිත්

Shiran Viraj

කොළඹ සහ ගම්පහ ප‍්‍රදේශ 10 ක් හුදෙකලාවෙන් නිදහස්

Shiran Viraj
Translate »