mediahumanrights.lk
Local News News

ශ්‍රී ලංකාව හා ජපානය ගිවිසුම් 3න් බැඳෙයි

ශ්‍රී ලංකාව සහ ජපානය අතර අවබෝධතා ගිවිසුම් තුනකට අත්සන් තබා තිබේ.
ජපානයේ නිල සංචාරයක නිරත වන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  මහතා සහ ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ අතර පැවති ද්වි-පාර්ශ්වික සාකච්ඡා වලින් අනතුරුව මෙම ගිවිසුම් වලට අත්සන් තබා ඇති බව  අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.
ඒ අනුව ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන ව්‍යපෘතිය, කළුගඟ ජල සැපයුම් පුළුල් කිරීම සහ වරාය හා නාවික ක්‍රියාකාරකම් සංවර්ධනය කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුම් තුනකට මෙහිදී අත්සන් තබා තිබේ.
ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතා සහ ජපාන රජය නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ ජපාන තානාපති  කෙනචි සුගනුමා මෙම ගිවිසුම් සඳහා අත්සන් තබා ඇති බව වාර්තා වේ.
මේ අතර ශ්‍රී ලංකාවේ ආර්ථික දියුණුව සඳහා ජපානයේ පෞද්ගලික ආයෝජකයින්ගේ මෙන්ම ජපාන රජයේ පූර්ණ සහය ශ්‍රී ලංකාවට ලබාදීමට කටයුතු කරන බව ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා ප්‍රකාශ කර තිබේ.
ජපාන අග්‍රාමාත්‍යවරයා අවධාරණය කරනු ලබන්නේ කලාපයේ දියුණුව සඳහා විවෘත මුහුදු කලාපයක අවශ්‍යතාවය පවතින බවත්, ඒ සඳහා සියලුම රටවල ආර්ථික, සමාජයීය සහ දේශපාලනික ස්ථාවරත්වය පවත්වාගෙන යා යුතු බවයි.
ජපාන අග්‍රාමාත්‍යවරයා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ එක්ව ජපාන අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පවත්වමින් මෙම අදහස් පළ කර තිබේ.
ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා සඳහන් කල පරිදි විවෘත සාගර කලාපයක් පවත්වාගෙන යාම කලාපයේ දියුණුවට ඉතා වැදගත් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහිදි සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ වරායන් සංවර්ධනය කර ශ්‍රී ලංකාව කලාපයේ වෙළඳ මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට අපේක්ෂා කරන බවද අග්‍රාමාත්‍යවරයා මෙම මාධ්‍ය හමුවේදී පෙන්වාදී තිබේ.
ශ්‍රී ලංකාවේ වරායන්හි සම්පූර්ණ ආරක්ෂාව ශ්‍රී ලංකා නාවික හමුදාව යටතේ ක්‍රියාත්මක වන බවත්, වෙනත් රටවල හමුදා ක්‍රියාකාරකම් සඳහා ශ්‍රී ලංකාවේ වරායන් භාවිත කිරිමට කිසිදු අවස්ථාවක් නොමැති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහිදී වැඩිදුරටත් අවධාරණය කරනු ලැබ තිබේ.
(under the courtesy of adaderana news web)

Related posts

“අගමැති මහින්දගේ රජයක් ?” මහින්ද, මෛත්‍රී, බැසිල් හමු වී මුල්ම වරට සාකච්ඡා කරළා – දේශපාලනය උණුසුම් කළ සාකච්ඡාවේ ප්‍රතිඵල ලගදීම ?

Shiran Viraj

රට පුරා එලවළු බෙදා හැරීම නවතයි.. හෙට හර්තාල්..

Shiran Viraj

කොළඹ ආදාහනාගාර 75ක විශාල ලෙස ආදාහනය කරනවා.. විශාල තොරතුරු සැගවීමක්..

Shiran Viraj