2026-09-03
mediahumanrights.lk
Local NewsNews

වාහන පිපිරවීමට සමත් LTTE අධිබලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගැනේ

වවුනියාව උක්කුලාන්කුලම් ගෙවත්තක වල දමා තිබූ වාහන පිරිරවීම සඳහා යොදා ගන්නා කිලෝ 15 යි ග්‍රෑම් 150ක බරින් යුත් අධිබලැති පුපුරණ ද්‍රව්‍ය අඩංගු බහලුමක් හමු වූ බව වවුනියාව පොලසිය පවසනවා.
නිවැසියන් ගෙවත්තේ අලුත්වැඩියා කටයුතු සිදු කිරීමේදී මෙම පුපුරණ ද්‍රව්‍ය හමුවී තිබෙනවා.
වාහන පිපිරවීම සඳහා රැගෙන එන ලද බවට සැක කෙරෙන මෙම අධිබලැති පුපුරණ ද්‍රව්‍ය, කොටි සංවිධානය විසින් නිෂ්පාදිත එකක් බවයි සැක කෙරෙන්නේ. ඒ අනුව මෙම පුපුරණ ද්‍රව්‍ය කැප්ටන් බවාන් නැමැති බෝම්බයට සමාන පුපුරණ ද්‍රව්‍ය ලෙසද හඳුනාගෙන තිබෙනවා.
මෙම පුපුරණ ද්‍රව්‍ය සක්‍රීය තත්ත්වයේ පවතින පුපුරණ ද්‍රව්‍ය බවද පොලිසිය තහවුරු කළා.
(under the courtesy of adaderana news web)

Related posts

අගමැතිට සෙත්පතා අභයාරාමයේ පූජාවක්…

Shiran Viraj

රට පුරා සෞභාග්‍යා ගම්මාන පිහිටුවයි..

Shiran Viraj

හිටපු අමාත්‍ය විමල් වීරවංශට අධිකරණයෙන් වරෙන්තු නිකුත් කරයි!

Shiran Viraj
Translate »