31.7 C
Colombo
2026-09-27
mediahumanrights.lk
Local NewsNewsPolitical

මැලේරියාවට යළි ඉඩක් නැහැ

මැලේරියා රෝගය යළි ඇතිවිම වළක්වා ගැනිමට සියලු පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
හෙට (25) දිනට යෙදි තිබෙන ලෝක මැලේරියා දිනය වෙනුවෙන් මාධ්‍ය දැනුවත් කිරිමේ මාධ්‍ය හමුවට එක් වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කළේ ය.
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මැලේරියා රෝගයෙන් තොර රටක් ලෙස ශ්‍රී ලංකාව නම් කර තිබුණ ද බොහෝ රටවල තවමත් එම රෝගයෙන් පීඩා විදින බව අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ ය.
කෙසේ වෙතත් සංචාරක ව්‍යාපාරය වැනි  ව්‍යාපාරිකයින් හේතුවෙන් මැලේරියා රෝගය යළි ඇති විමේ තර්ජනයකට මුහුණ දී ඇති බව පවසන අමාත්‍යාවරයා මැලේරියා මර්දන ව්‍යාපාරයට විශාල මුදලක් ද වෙන් කර රෝග පාලනයට පියවර ගෙන ඇති බව ද සඳහන් කළේය.
මේ අතර මෙම මාධ්‍ය හමුවට එක්ව සිටි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය  ජයසුන්දර බණ්ඩාර මහතා කියා සිටින්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මැලේරියා රෝගය ලංකාවෙන් සම්පූර්ණයෙන් ඉවත් වු බවට සහතික කළත් එහි අවධානම තවමත් පවතින බවයි.
ඉදිරි වසර කිහිපය තුළ එම තත්ත්වය පැවතිය හැකි බවත් වඩා වැදගත් වන්නේ මැලේරියාව තුරන් කරන ලද රටක් වශයෙන් දීර්ඝ කාලිනව පැවතීම බවත් ඔහු කියා සිටියේ ය.

(under the courtesy of adaderana news web)

Related posts

නාවලපිටිය – ගම්පොළ මාර්ගය සතියක් තුළ විවෘත කිරීමට යුද හමුදාපතිගෙන් සහතිකයක්

Shiran Viraj

සඳුදා නිවාඩුව පුංචි ඡන්දය පමා කරන ගැටයක්..?

Shiran Viraj

මහ බැංකු අධිපති විශේෂ ප‍්‍රකාශයක.. බදු අඩු කරන්න බෑ.. නූලක් ගැස්සුනොත් යලි පෝලිමට..

Shiran Viraj
Translate »