2026-01-18
mediahumanrights.lk
NewsSportsSports News

මැතිව්ස් IPL ගිය හේතුව හෙළි කරයි

ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස් මෙවර IPL තරගාවලිය සඳහා ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇත්තේ සිය ආයතනය දැනුවත් කරමින් බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය පවසනවා.
පාදයේ ආබාධය පූර්ණ වශයෙන් සුව නොවූ තත්ත්වයක මැතිව්ස් IPL තරගාවලියට එක්ව සිටීම සම්බන්ධයෙන් සමාජ ජාල වෙබ් අඩවිවල ඉකුත් දිනවල විවිධ වාර්තා පළ වුණා.
ඒ පිළිබඳව නෙත් ස්පෝර්ට්ස්මන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාලගෙන් විමසීමක් කළා. ඔහු පැවසුවේ මැතිව්ස් කි‍්‍රකට් ආයතනයේ උපදෙස් අනුව IPL තරගාවලියට එක්ව සිටින බවයි.
සිය ශාරිරික යෝග්‍යතාව පිළිබඳ වැඩි සැලකිල්ලක් දක්වන ලෙසද මැතිව්ස්ට මෙහිදී උපදෙස් ලබාදී තිබෙනවා. එම කාලසීමාවේදී දේශීය තරග පිටියේ කි‍්‍රකට් තරග නොමැති බැවින් ඇන්ජලෝ මැතිව්ස්ට IPL තරගාවලියට එක්වීමට අවසර ලබාදුන් බවයි තිලංග  සුමතිපාල සඳහන් කළේ.
ආබාධයට ලක්ව සිටිම හේතුවෙන්  මැතිව්ස් බංග්ලාදේශය සමග පැවති එක්දින සහ විස්සයි විස්ස තරගාවලියටද සහභාගි වූයේ නැහැ.  IPL තරගාවලියේදී කෙරෙන පුහුණුවීම් ඇන්ජලෝ මැතිව්ස්ට ඉදිරි ශූරයින්ගේ කුසලානය සඳහා වැදගත් වනු ඇති බවයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල නෙත් ස්පෝර්ට්ස්මන් වෙත වැඩිදුරටත් සඳහන් කළේ. මැතිව්ස් මෙවර IPL තරගාවලියේදී නියෝජනය කරන්නේ දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායමයි.
(under the courtesy of nethfm news web)

Related posts

මහේන්ද‍්‍රන් ගේන්න මං අත්සන් 21,000ක් දින තුනක් තිස්සේ ගැහුවා.. මගේ ඇගිල්ලක් ගෙවුනා..- හිටපු ජනපති

Shiran Viraj

ප‍්‍රබල ඇමති ධුර තුනක් ජනපති යටතට..

Shiran Viraj

වාහන හිගයට පිලිතුරක්… කැබිනෙට්ටුවේ අනුමතයි..

Shiran Viraj
Translate »