24.5 C
Colombo
2026-01-13
mediahumanrights.lk
NewsSportsSports News

මාලිංගගේ කඩුලූ ත්‍රිත්වය අපතේ යයි – විස්සයි විස්ස කුසලානයත් දෙකට බෙදෙයි

ශ්‍රී ලංකාව සමඟ පැවති දෙවන සහ අවසන් පන්දුවාර විස්සයි විස්ස තරගය ලකුණු 45කින් ජය ගැනීමට සංචාරක බංග්ලාදේශ කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලූ 9ක් දැවී ලකුණු 176ක් රැස් කළා.
ශකීබ් අල් හසන් ලකුණු 38 යි. තරගයේ සිදු වූ විශේෂ සිදුවීමක් වූයේ ලසිත් මාලිංග කඩුලූ ත්‍රිත්වයක් දවා ගැනීමයි.
මුස්ෆිකර් රහීම්, මෂ්රොෆේ මොටාසා සහ මෙහෙදි හසන් එහිදී මාලිංගගේ කඩුලූ ත්‍රිත්වය ලෙස දැවී ගියා.
ඔහු ජාත්‍යන්තර පන්දුවාර විස්සයි විස්ස පිටියේ දී කඩුලූ ත්‍රිත්වයක් ලබාගත් පළමු අවස්ථාව මෙයයි.
ලසිත් මාලිංග තරගයේ දී ලකුණු 34කට කඩුලූ 03ක් බිඳ හෙළුවා.
පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 18ක් තුළ සියලූ දෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 131ක් පමණයි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුලූ පහ පන්දුවාර පහයි පන්දු දෙකක් තුළ ලකුණු 40ක දී බිඳ වැටුණා.
පසුව පිටියට එක්වූ චාමර කපුගෙදර හා තිසර පෙරේරා හයවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 58ක සබඳතාවක් ගොඩනැගුව ද එය ජයග්‍රහණයට ප්‍රමාණවත් වූයේ නැහැ.
කපුගෙදර පන්දු 35ක දී ලකුණු 50 යි. එය ජාත්‍යන්තර පන්දුවාර විස්සයි විස්ස පිටියේ ඔහු රැස් කළ පළමු අර්ධ ශතකය ද වනවා.
පන්දු යැවීමේ දී මුෂ්ටෆිසූර් රෙහෙමාන් ලකුණු 21කට කඩුලූ 4ක් හා ශකීබ් අල් හසන් ලකුණු 24කට කඩුලූ 03ක් බිඳ හෙළුවා.
ඒ අනුව තරග දෙකකින් යුත් පන්දුවාර විස්සයි විස්ස තරගාවලිය එකට එකක් ලෙස අවසන් වූයේ ජය පරාජයෙන් තොරවයි.
අවසන් තරගයේ වීරයා සම්මානය ශකිබ් අල් හසන් දිනාගත් අතර තරගාවලියේ වීරයා බවට පත්වූයේ ලසිත් මාලිංගයි.
මෙම තරගය බංග්ලාදේශ කණ්ඩායමේ නායක මෂ්රොෆි මොටාසාගේ අවසන් පන්දුවාර විස්සයි විස්ස තරගය වීම ද විශේෂත්වයක්.
දෙරට අතර පැවති ටෙස්ට් තරගාවලිය ද එකට එකක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් වුණා.
තරග 03කින් සමන්විත වූ එක්දින තරගාවලිය ද එකට එකක් ලෙස අවසන් වූයේ ජය පරාජයෙන් තොරවයි.
ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායම යළි සිය රට බලා යන්නේ අපරාජිත කණ්ඩායමක් ලෙස වීමද කැපී පෙනෙන සිද්ධියක්.
(under the courtesy of nethfm news web)

Related posts

මාලිමාව රට හදන වැඩපිලිවෙලක් තවම හැදුවේ නෑ.. පස්සෙ හදනවා..- හරිනි

Shiran Viraj

රවීගේ නිවස අසලට ආධාරකරුවෝ එකතු වෙයි!

Shiran Viraj

කාබනික වී කිලෝව රුපියල් 100ට මිලදී ගන්නවා…

Shiran Viraj
Translate »