30 C
Colombo
2026-09-21
mediahumanrights.lk
Local NewsNews

දරුවන් තුන්දෙනාට වස පොවා පියාත් වස බොයි

තම දරුවන් තුන්දෙනාට වස පොවා පියා ද වස පානය කර රෝහල් ගත කිරීමේ සිද්ධියක් හික්කඩුව – පතන – තොරණගලවත්ත ප්‍රදේශයෙන් වාර්තා වනවා.
පෙරේදා (10) මෙලෙස වස පානය කිරීම හේතුවෙන් කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණු මොවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
සිද්ධියෙන් රෝහල් ගත කර ඇති පියාගේ වයස අවුරුදු 42 ක් වන අතර, අවුරුදු 9 ක් වයසැති නිවුන් පිරිමි දරුවන් සහ අවුරුදු 7 ක් වන අනෙක් දරුවා ද මෙලෙස ප්‍රතිකාර ලබනවා.
මෙම දරුවන්ගේ මව විදේශ රැකියාවකට ගොස් සිටින අතර, පියා ඊට විරෝධය පළ කිරීම හේතුවෙන් ඔවුන් අතර ආරවුලක් පැවති බවයි මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.
පොලිසිය සඳහන් කළේ බිරිඳ විදේශ ගතවීම නිසා ඇති වූ සිත් තැවුලක් හේතුවෙන් මොහු මෙලෙස දරුවන්ට වස පොවා ඔහු ද වස පානය කරන්නට ඇති බවට සැකයක් පවතින බවයි.
(under the courtesy of hirunews news web)

Related posts

පොලිස් ලොක්කන්ට ජනපතිගෙන් උපදෙස්

Shiran Viraj

ඇමරිකා බදුවලින් වාහන මිල යලි ඉහලට…

Shiran Viraj

අවසන් රැලියට එකම තැනක් ඉල්ලා රනිල්-සජිත් ගැටේ…

Shiran Viraj
Translate »