2026-08-08
mediahumanrights.lk
Local NewsNewsPolitical

ජේතවන දාගැබේ කුණු පුරවන්න කියපු සමනලීට එරෙහිව පොලිස්පතිට පැමිණිල්ලක්

බෞද්ධයන්ගේ ඓතිහාසික පූජනීය වස්තුවක් වන ජේතවන දාගැබේ ඡායාරූපයක් විකෘති කර ඒ තුළට කුණු පුරවා ඇති ඡායාරූපයක් සමාජ ජාලාවල පල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ජාතික හෙළ උරුමය විසින් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙත පැමිණිල්ලක් කර ඇති බවට වාර්තා වනවා.
එමෙන්ම එම ඡායාරූපයට අනුග්‍රහය දක්වා සමාජාල ඔස්සේ එය හුවමාරු කළ සමනලී ෆොන්සේකා නම් නිළියටද එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඔවුන් පොලිස්පත්වරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
පසුගිය දේශපාලනය මැතිවරණය කාලයේදී ‘අලුත් පරපුර‘ නම් සංවිධානයක කටයුතු කළ නිලී සමනලී ෆොන්සේකා ඇතුළ පිරිස ගෙන ආ විවිධ මතයන් පිළිබඳ සමාජයේ කතාබහක් ඇති වූ අතර ෆේස්බුක් ඔස්සේද ඒවාට වැඩිලෙස විවේචන එල්ල වුණා.
පහතින් දැක්වෙන්නේ එලෙස ජාතික හෙළ උරුමය විසින් පොලිස්පතිවරයාට යොමුකළ ලිපියයි.
(under the courtesy of adaderana news web)

Related posts

මැදපෙරදිග කොරෝනාවලින් 30ක් මැරිලා.. 05ක් දිවි නසාගෙන.. වහා ලංකාවට ගෙන්වනු..- පෙරටුගාමීන් කොළඹ විරෝධතා..

Shiran Viraj

මං රැස්වීම් නවත්වන්නේ නෑ.. දිගටම තියනවා..- සජිත්

Shiran Viraj

ගේල්, සැමුවෙල්ස් කොදෙව් එක්දින සංචිතයට

Shiran Viraj
Translate »