mediahumanrights.lk
Local News News

ඛනිජ තෙල් වෘත්තීය සමිති 6ක් හෙට සිට අඛණ්ඩ වැඩ වර්ජනයක

ත්‍රීකුණාමලය වරායේ පිහිටි ඉන්ධන ටැංකි ඉන්දියාවට පැවරීමට විරෝධය පල කිරීම ඇතුළු ඉල්ලීම් තුනක් මුල් කරගනිමින් ඛනිජ තෙල් වෘත්තීය සමිති හයක් හෙට(24) දිනයේ සිට අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.
ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක බන්දුල සමන් කුමාර මහතා සඳහන් කළේ මෙතෙක් සිය ඉල්ලීම්වලට බලධාරීන් නිසි ප්‍රතිචාර දක්වා නොමැති බවයි.
ඒ අනුව හෙට පෙරවරුවේ සිට වර්ජනය ක්‍රියාත්මක කරන බව බන්දුල සමන් කුමාර මහතා සඳහන් කළේය.
මෙම වර්ජනය සම්බන්ධයෙන් අද දෙරණ ඛනිජ තෙල් අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතාගෙන් විමසීමක් කළ අතර ඊට පිළිතුරු ලබාදෙමින් ඔහු සඳහන් කළේ හෙට පෙරවරු 9.00ට වෘත්තීය සමිතිවලට සාකච්ඡාවක් ලබා දී ඇති බවයි.
කෙසේවෙතත් හෙට දිනයේ වර්ජනය ක්‍රියාත්මක කළහොත් ඉන්ධන සැපයුමට ද බාධා එල්ල විය හැකි බව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමතුවේ මාධ්‍ය ප්‍රකාශක බන්දුල සමන් කුමාර මහතා සඳහන් කළේය.
එවන් ගැටළුවක් ඇති නොවනු ඇති බව අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා සඳහන් කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

ඒකාබද්ධ විපක්ෂයේ නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් ගැන තීරණය මීළඟ මධ්‍යම කාරක සභා රැස්වීමේදී

Shiran Viraj

වසර 12ක්‌ තිස්‌සේ නිදහස්‌ උත්සව සැමරීමට ජර්මනියෙන් එන බ්ල්ක්‌

Shiran Viraj

මේ අංකයෙන් ඔබටත් මිස් කෝල් ආවා ද?

Shiran Viraj