28 C
Colombo
2024-07-27
mediahumanrights.lk
Local News News Political

අලුත්ගමගේ මන්ත්‍රීට ලන්ඩනයෙන් සුපිරි නිවසක්‌ – ගනුදෙනුව ස්‌ටර්ලින් පවුම් 320,000 ක්

මන්ත්‍රීවරයෙකු ලන්ඩනයේ නිවසක්‌ මිලදී ගැනීමේ සිද්ධියක් පිළිබඳ සමාජ සේවා සහ සමාජ සුබසාධක නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා විනිසුරුවරුන්ගේ වැටුප ඉහළ දැමීමට අදාළ විවාදයට එක්‌වෙමින් ඊයේ (05) පාර්ලිමේන්තුවේදී විශේෂ හෙළිදරව්වක් සිදු කළේය.
ඒ අනුව අලුත්ගමගේ නැමැති මන්ත්‍රීවරයකු විසින් ස්‌ටර්ලින් පවුම් තුන් ලක්‌ෂ විසිදහසකට ලන්ඩනයේ නිවසක්‌ මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධව ලිපි ලේඛන සියල්ල මූල්‍ය අපරාධ අංශයට භාර දෙන බව නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා සඳහන් කළේය.
එහිදී නියෝජ්‍ය ඇමැතිවරයා මෙසේද පැවසී ය.
“එංගලන්තයේ ඉඩම් අමාත්‍යාංශයට පවුමක මුදලක්‌ ගෙව්වාම ලිපි ලේඛන ලබා ගත හැකියි. මගේ මිතුරකු වන හෑගොඩ නැමැත්තකු හරහා මම ලන්ඩන් ඉඩම් අමාත්‍යාංශයෙන් ලබාගත් ලිපි ලේඛන කිහිපයක්‌ සභාගත කරනවා. 2008 සැප්තැම්බර් 09 වැනිදා ස්‌ටර්ලින් පවුම් 320,000 ක්‌ ගෙවා ලන්ඩන්වල නිවසක්‌ මිලදී ගෙන තිබෙනවා අඹන්පොලගේ ආශා විජයන්ති අලුත්ගමගේ සහ තවත් අලුත්ගමගේ කියන නම තියෙන පුද්ගලයෙක්‌. මේ නිවස ගත් අලුත්ගමගේ කවුද කියා මම දන්නේ නෑ.“
එහිදී එජාප මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා අදහස් පළ කළේය. “අලුත්ගමගේ කියන නම පාවිච්චි කළා. අලුත්ගමගේලා කිසිම දවසක හොරකම් කරලා නෑ. ලිතව තිබෙනවා නම් සභාගත කරන්න. හොරකම කළ අලුත්ගමගේ ගේ නම කියන්න.“
“අලුත්ගමගේලා කවදාවත් හොරකම් කරන්නේ නෑලු. මෙහි පැහැදිලිව ලිපිනය තියෙනවා. මේ නිවස පවුම් 320,000 කට මිලදී ගෙන පසුව පවුම් 470,000 කට විකුනා තිබෙනවා. මේ ගැන සොයා බැලිය යුතුයි.“ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සඳහන් කළේය.
එජාප මන්ත්‍රී නලින් බණ්‌ඩාර මහතා ඊට අදහස් දක්වමින් සඳහන් කළේ “ඔය කියන්නේ කවුරුන් ගැනද කියා අපි දන්නවා. ඔහු මාධ්‍ය තුළින් නිතර ටොප් ටෙන් ගැන කතා කළා. ඔය කියන්නේ ආණ්‌ඩු පක්‌ෂයේ අලුත්ගමගේ ගැන නොවේ විපක්‌ෂයේ අලුත්ගමගේ ගැන. ඔහුත් ටොප් ටෙන් එකට වැටෙනවාද?“
“ටොප් ඉලෙවන් කියා දමතෑකි. මේ නම මට ලැබුණා. මීතලාවේ මහින්දානන්ද අලුත්ගමගේ.“ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා පැවසී ය.
“මෙතුමා දිගින් දිගටම අලුත්ගමගේ නම ප්‍රචාරණය කරනවා. ඉතිහාසයේ එතුමාට ඔය කියන තරම් දේපළ තිබුණේ නෑ. අක්‌කර පහක්‌වත් පියාගෙන් ලැබුණේ නෑ.“ යනුවෙන් ආනන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේය.
“රන්ජන් රාමනායක මහතාට මම ප්‍රශංසා කරනවා අයථා කටයුතු හෙළිදරව් කිරීමට දරන උත්සාහය ගැන. ඒත් සභාවේ මන්ත්‍රීවරයකුගේ චරිතය, අයථා ගනුදෙනු ගැන සඳහන් කරද්දී ඔහුට පිළිතුරු දිය හැකි වෙලාවක කරන්න. නැතිනම් ඒ සඳහා යෝජනාවක්‌ ගේන්න.“ යැයි වාසුදේව නානායක්‌කාර මහතා ප්‍රකාශ කළේය.
රන්ජන් රාමනායක මහතා ඊට පිළිතුරු දෙමින් පැවසූයේ “එතුමාට අවස්‌ථාව තිබෙනවා. මේ ලියවිලි සභාගත කළ නිසා ඊළඟ දිනයේ මේ ගැන කියන්න. ඔබතුමාටත් ලියවිලි බලතෑකි. එංගලන්තය සාවද්‍ය ලිපි ඉදිරිපත් කරන්නේ නෑ.“
(under the courtesy of asianmirror news web)

Related posts

තානාපති සේවයට තව පිරිස් ඉක්මනින් පත් කරන්න ඔ්නෑ..

Shiran Viraj

ජිනීවා: අන්තර් ජාතික බලපෑම්, සමරවීර සහ දෙමළ ප්‍රශ්ණ

Shiran Viraj

කොරෝනා නසන සාර්ථක දේශීය ඔසු රැසක් නිපදවා අවසන්.. නමුත් කිසිදු රෝගියෙකුට දෙන්න ඉඩ නොදෙයි.. එන්නත එනතුරු බලාහිදී..

Shiran Viraj