mediahumanrights.lk
Local News News

අරීස් 13 නෞකාවේ කාර්ය මණ්ඩලය දිවයිනට

සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් විසින් ප්‍රාණ ඇපයට ගෙන පසුව නිදහස් කෙරුණු අරීස් 13 නෞකාවේ කාර්යමණ්ඩලය දිවයිනට පැමිණ තිබේ.
ඊයේ (12) පස්වරුවේ දෝහා සිට පැමිණි යානයකින් ඔවුන් දිවයිනට පැමිණි බව අද දෙරණ ගුවන් තොටුපල වාර්තාකරු සඳහන් කළේය.
පසුගිය මාර්තු මස 13 වන දින සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් පිරිසක් විසින් ශ්‍රී ලාංකිකයින් 08 දෙනෙකු සහිත අදාළ නෞකාව පැහැරගනු ලැබුවේය.
ශ්‍රී ලංකා රජය මැදිහත්ව කොල්ලකරුවන් ග්‍රහණයේ පැවති නෞකාව සහ එහි කාර්යමණ්ඩලය පුට්ලන්ඩ් ආරක්ෂක අංශ විසින් බේරා ගැනිණි.
ඒ අනුව අදාළ නෞකාවේ සියලු කාර්යමණ්ඩලය ඊයේ දිනයේ දිවයිනට පැමිණියේ ය.
දිවයිනට පැමිණි අරිස් 13 නෞකාවේ ප්‍රධාන ඉංජිනේරු ජයන්ත කළුබෝවිල මහතා මාධ්‍ය හමුවේ තම අත්දැකීම් කියා සිටියේ ය.
(under the courtesy of adaderana news web)

Related posts

රනිල් සිරිකොතේ පැත්තක් වහයි

Shiran Viraj

ශ්‍රී ලංකා පිළට දනුෂ්කගේ ඉන්මෙන් ගොඩ නැගුණු ජයග්‍රාහි බලාපොරොත්තු පාකිස්තානුවන් සුන් කරයි

Shiran Viraj

ඩයනා ඉවත් කලාම ඒ මන්ත‍්‍රීකමට මං පත් කරනවා කියා හැමෝම කියනවා.. මට නං එපා පිං මන්ත‍්‍රීකම්..

Shiran Viraj