2026-09-07
mediahumanrights.lk
Local NewsNews

අධිවේගී මාර්ගය භාවිතකරන්නන්ගේ සංඛ්‍යාව ඉහළ ගිහින්

පසුගිය දින කිහිපය තුළ අධිවේගී මාර්ගය භාවිතකරන්නන්ගේ සංඛ්‍යාවෙහි  ඉහළයාමක් දක්නට ලැබෙන බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු සහ කළමනාකරණ අංශය පවසයි.
එහි අධ්‍යක්ෂක එස්. ඕපනායක මහතා පැවසුවේ අදාළ දිනයන්හි එක් දිනකට රථ වාහන 95,000ක පමණ ප්‍රමාණයක් අධිවේගී මාර්ගයෙහි ගමන් කර ඇති බවය.
අධිවේගී මාර්ගය භාවිත කරන්නන්ගේ ආරක්ෂාව සඳහා අදාළ ක්‍රියාමාර්ග ගෙන ඇති අතර අවශ්‍ය අවස්ථා වලදී 19යි 69 අංකය අමතා තොරතුරු ලබාගත හැකි බව ද එස්. ඕපනායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.
මේ අතර අධිවේගී මාර්ග භාවිත කරන රියදුරන් හට ආරක්ෂාකාරී ලෙස රිය ධාවය කරන ලෙස නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.
(under the courtesy of adaderana news web)

Related posts

සයිටම් වහනතුරු අපි ඉගෙනීම නවතමු – වෛද්‍ය පීඨ 8 ක සිසුන් දන්වලා

Shiran Viraj

කළින් හඳුනාගත්තොත් පිළිකා සුවකළ හැකියි

Shiran Viraj

වවුචර වෙනුවට දේශීය පාසල් පාවහන් ලබාදීමේ නියමු ව්‍යාපෘතිය අද සිට ඇරඹෙයි

Shiran Viraj
Translate »