30 C
Colombo
2025-12-17
mediahumanrights.lk
Local NewsNews

අද ගුවන් කාලසටහනේ ‍වෙනසක්

ඉන්දියානු ගුවන් සීමාව වසා දැමීම හේතුවෙන් අද(27) දිනයේ ගුවන් කාලසටහනේ ‍වෙනසක් සිදු වන බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසයි.
ඉන්දියාව විසින් පරීක්ෂණාත්මක ගුවන් ගමනක් සිදු කිරීම හේතුවෙන් අද දිනයේ සිය ගුවන් සීමාව වසා දැමීමට සැලසුම් කර තිබේ.
එම නිසා ශ්‍රී ලංකන් ගුවන් ගමන් කාලසටහන වෙනස් කර ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසයි.
ඒ අනුව මැලේසියාව, සිංගප්පූරුව, තායිලන්තය සහ ඉන්දුනීසියාව වෙත සිදු කරන ගුවන් ගමන් කාලසටහන අද දිනයේ පමණක් වෙනස් කර ඇති බව වාර්තා වෙයි.
ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු www.sirlankan.com යන වෙබ් අඩිය වෙත පිවිසිමෙන් හෝ 0197331979 යන දුරකථන අංකය ඇමතීමෙන් ලබා ගත හැකි බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසයි

(under the courtesy of adaderana news web)

Related posts

නීති විරෝධී ආහාර තොග ගබඩා රට පුරා වටලන්නයි පොලිසියට, දිසාපතිලාට නියෝගයක්..

Shiran Viraj

බංකොලොත් ලේබලය අපේ ආණ්ඩුවෙන් ඉවත් කලා..- මාලිමා මන්ත‍්‍රී

Shiran Viraj

අයගම නායගිය තැනකින් හඳුනානොගත් කළු ද්‍රාවණයක් – විස්තර මෙන්න

Shiran Viraj
Translate »