mediahumanrights.lk
Local NewsNews

සීනි මිල රු 17 කින් නගී

විවෘත වෙළෙඳපොළේ රුපියල් 93ක්ව පැවැති සීනි කිලෝවක සිල්ලර මිල රුපියල් 110 දක්වා රුපියල් 17කින් ඉහළ ගොස් තිබේ. පාරිභෝගික කටයුතු අධිකාරිය දන්වා ඇත්තේ මෙතෙක් ශත 25 ක්ව පැවැති සීනි කිලෝවක ආනයන බද්ද රුපියල් 13 දක්වා ඉහළ දැමීම නිසා ඉකුත් ජනවාරි 27දා නිකුත් කළ ගැසට් නිවේදනයේ පරිදි රුපියල් 93ක් වූ උපරිම සිල්ලර මිලකට සීනි කිලෝවක් අලෙවි කළ නොහැකි බැවින් මෙසේ සීනි මිල ඉහළ ගොස් ඇති බවයි.
රුපියල් 93ක් වූ උපරිම සිල්ලර මිලට අදාළ ගැසට් නිවේදනය අවලංගු කළ පසු පිටකොටුව තොග වෙළඳ පොළේ සීනි කිලෝවක තොග මිල රුපියල් 98-100ත් අතර පවතින අතර ඊට සාපේක්ෂව සීනි කිලෝවක සිල්ලර මිලද මෙසේ ඉහළ ගොස් ඇත.

Related posts

ආනයනික සහල් කිලෝවකට 45%ක බද්දක්…

Shiran Viraj

හමුදා භාරයේ සිටි මාලි ජනපති ඉල්ලා අස් වෙයි

Shiran Viraj

කොරෝනා මඩින්න ශ‍්‍රී ලංකා තේ ලොව පුරා..

Shiran Viraj
Translate »