mediahumanrights.lk
Local NewsNewsPolitical

විමල්ගේ ඇප අයදුම මහාධිකරණයෙන් අදත් ප‍්‍රතික්ෂේප කරයි

රජයේ වාහන අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශගේ ඇප අයදුම කොළඹ මහාධිකරණය විසින් අද (21) ප‍්‍රතික්ෂේප කරනු ලැබුවා.
ඒ විමල් වීවරංශ මන්ත‍්‍රීවරයාගේ නීතීඥයින් ගොනු කර තිබූ ප‍්‍රතිශෝධන පෙත්සමක් සලකා බලමින්.
කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය තම සේවා දායකයා දිගින් දිගටම රක්ෂිත බන්ධනාගාර ගත කිරීම හේතුවෙන් විමල් වීරවංශ මන්ත‍්‍රීවරයාගේ නීතීඥයින් මෙම ප‍්‍රතිශෝධන පෙත්සම කොළඹ මහාධිකරණය හමුවට ගොනු කර තිබුනා.
කෙසේ වෙතත් අදාල පෙත්සම ගාස්තු රහිතව නිශ්ප‍්‍රභ කිරීමටයි මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි නියෝග කළේ.
පොදු දේපළ පනත යටතේ විමල් වීරවංශ මන්ත‍්‍රීවරයාට චෝදනා ගොනුකර ඇති බවත් එම නිසා කොළඹ කොටුව මහේස්ත‍්‍රාත්වරයාගේ තීරණයේ දෝශ රහිත බවත් මහාධිකරණ විනිසුරුවරයා මෙහි දී ප‍්‍රකාශ කලා.
සැකකරුට ඇප ලබා දීමට තරම් ප‍්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත්ව නොමැති බව ද මෙහි දී ප‍්‍රකාශ කෙරුනා.
මේ අතර ඊයේ දිනයේ කොළඹ කොටුව මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කෙරුණු  පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ අපේ‍්‍රල් මස 03 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුනා.
(under the courtesy of nethfm news web)

Related posts

ඡන්දෙට සේවක නිවාඩු නොදෙන ලොක්කන්ට නඩු

Shiran Viraj

"මේවා හැමදාම දකින්න බෑ" කියලා මාධ්‍ය හමුවකදි බඹරෙකු ගිල්ල ජනපතිවරයා – Video

Shiran Viraj

“බීමත්” චෝදනාවක් යටතේ අත්අඩංගුවට ගත් වෙදආරච්චි – පරීක්ෂණයෙන් හෙළිවෙයි මත්පැන් පානයක් නොමැති බව

Shiran Viraj
Translate »