2026-07-03
mediahumanrights.lk
International NewsNews

රජිනි කාන්ත් යාපනයට එනවලු

දමිළ සිනමා නළු රජිනි කාන්ත් ශ‍්‍රී ලංකාවේ සංචාරයක් ආරම්භ කිරීමට සූදානම් වනවා.
ද හින්දු පුවත්පත සඳහන් කළේ ඔහු ලබන අපේ‍්‍රල් මස 9 සහ 10 දිනවලදී යාපනය හා වව්නියාවේ නිවාස ලබා දීමේ  උත්සව දෙකකට සහභාගි වන බවයි.
ඉන්දියාවේ ලයිකා චිත‍්‍රපට සමාගම විසින් පවත්වාගෙන යන ඥාණම් පදනම මෙවැනි නිවාස 150 ක් ශ‍්‍රී ලංකාවේ ඉදිකර තිබෙනවා.
ඒ සඳහා වැය කර ඇති මුදල ඉන්දීය රුපියල් කෝටි 22 ක්.
එමෙන්ම රජිනි කාන්ත් යාපනයේ පැවැත්වෙන රැළියකට ද සහභාගි වීමට නියමිතයි. දමිළ සුපිරි නළු එම්.ජී. ආර් ගෙන් පසුව යාපනයේ සංචාරයකට එක්වන පළමු දමිළ නළුවා වන්නේ රජිනි කාන්ත්.
(under the courtesy of nethfm news web)

Related posts

අධික කුලියක් ගෙවූ ගොඩනැගිල්ලෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය ඉවත් කරන්න යයි

Shiran Viraj

දේශබන්දු අල්ලන්න පොලිස් මෙහෙයුමක්..

Shiran Viraj

බෝම්බ පිපිරීම් අස්සේ ශ්‍රී ලන්කන් මුල් පුටුවට ජාත්‍යන්තර දූෂණ වලට සම්බන්ධ පුද්ගලයෙක්.කලින් සේවය කළ ඇෆ්ගන් ගුවන්සේවයත් වසා දාලා

Shiran Viraj
Translate »