mediahumanrights.lk
Local NewsNews

මිලියන 193ක් වටිනා සිගරැට් තොගයක් ඔරුගොඩවත්ත රේගු අංගනයේ

රුපියල් මිලියන 193ක් වටිනා සිගරැට් තොගයක් ඔරුගොඩවත්ත රේගු අංගනයේ කන්ටේනරයක තිබී සොයාගෙන තිබෙනවා.
ගෘහ භාණ්ඩ අතර සගවා  මෙම සිගරට් තොගය මෙරටට රැගෙනවිත් ඇති බවයි රේගු මධ්‍යම විමර්ශන කාර්යාංශය පවසන්නේ. මැලේසියාවේ සිට ශ්‍රී ලංකාව හරහා ඉන්දියාව වෙත ඒවා යැවීමට සූදානම්කර තිබූ බවද හෙළිව තිබෙනවා. මෙම කන්ටේනරයෙහි ලී භාණ්ඩ අඩංගු බවට ලියකියවිලි ඉදිරිපත් කර තිබුණා. බහාලුම පරීක්ෂා කිරීමේදීයි ඒ තුළ සිගරට් ඇති බව හෙළිව ඇත්තේ. ඒ පිළිබද වැඩිදුර විමර්ශන සිදුකෙරෙමින් පවතින බවයි රේගු අංශ සදහන් කරන්නේ.

Related posts

ශ‍්‍රී ලංකාව කොරෝනා ‘ඉතා ඉහල 4 වන’ මට්ටමේ.. සංචාරය නොකරන්නැයි ඇමරිකාව නිවේදනය කරයි…

Shiran Viraj

පෙට්‍රල් හිඟයෙන් සංස්ථාවට වාර්තාගත ලාභයක් !

Shiran Viraj

සිව්දින නිල සංචාරයකට අගමැති අද ඔස්‌ටේ්‍රලියාවට

Shiran Viraj
Translate »