31.1 C
Colombo
2026-09-04
mediahumanrights.lk
Local NewsNewsPolitical

මහින්ද හෙට ජනපති කොමිසම හමුවට

මැතිවරණ ප්‍රචාරණ දැන්වීම් විකාශනය වෙනුවෙන් ජාතික රූපවාහිනි සංස්ථාවට අය විය යුතු මුදල් නොගෙවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හෙට (24) බරපතළ වංචා දූෂණ රාජ්‍ය සම්පත් අවභාවිතය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ විමර්ශන අංශය වෙත කැඳවා තිබේ.
වසර 2015 ජනාධිපතිවරණ මැතිවරණ සමයේදී රාජපක්ෂ මහතාගේ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් ජාතික රූපවාහිනි සංස්ථාවට අය විය යුතුව තිබෙන රුපියල් ලක්ෂ එක්දහස් හයසීයක මුදලක් සම්බන්ධව සිදුකරගෙන යනු ලබන විමර්ශනයකට අදාළව රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශ ලබා ගැනීමට ඒ මහතා කැඳවා තිබේ.
ඉකුත් 16 දා රාජපක්ෂ මහතාව කැඳවා තිබුණද එදිනට පැමිණීමට නොහැකි බැවින් මෙම 24දා ඒ සඳහා අවස්ථාව සලසා දෙන ලෙසට හිටපු ජනාධිපතිවරයා තම නීතිඥවරුන් මඟින් කොමිසමෙන් ඉල්ලීමක් කර තිබුණි.

Related posts

කලින් කොරෝනා සුව වූ ජා-ඇල අයෙකුට නැවතත් කොරෝනා වැලදේ.. රෝහල්ගත කරයි..

Shiran Viraj

පාකිස්තාන අන්තර්වාර අගමැතිවරයා තෝරා ගැනීම අද

Shiran Viraj

මධූෂා රාමසිංහගේ අසැබි වීඩියෝවක් බුකිය කළඹයි – මධූෂා සියල්ල හෙළිකරයි

Shiran Viraj
Translate »