31.1 C
Colombo
2026-07-05
mediahumanrights.lk
Local NewsNews

‘බිය නොවන්න‘ – සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීමක්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තාවන ඉන්ෆ්ලුවෙන්සා H1N1 වෛරසය පිළිබදව ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතාට දැනුම් දී ඇත.
ශ්‍රී ලංකාවේ ස්ථාන කිහිපයකින් H1N1 වෛරසය ආසාදනය වූ රෝගීන් වාර්තා වී ඇත. මෙම වෛරසය ආගන්තුක වෛරසයක් නොවන බවත් සෑම වසරකම දෙසැම්බර් – පෙබරවාරි කාලය තුළත්, මැයි සිට ජුලි දක්වා කාලය තුළත් වෛරසය පැතිර යන බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.
පාරිසරික හා කාලගුණික වෙනස්වීම් මත වෛරසය පැතිර යන බවත් මෙම වෛරසය වැළදුන රෝගීන්ගේ වාර්තාවීම් අඩු වී තිබෙන බවත් විශේෂයෙන්ම ළදරුවන් ගැබිනි මාතාවන්, කිරිදෙන මවිවරුන් ආරක්ෂා වීම ඉතා වැදගත් වෙන බවත් එම අමාත්‍යංශය පෙන්වාදෙයි.
am.lk

Related posts

ඉරානයෙන් ‘හයවන ප්‍රතිප්‍රහාරාත්මක මෙහෙයුම’ ඇරඹෙයි; ටෙල් අවිව් සහ ඇමරිකානු කඳවුරුවලට දැවැන්ත මිසයිල ප්‍රහාර

Shiran Viraj

පොරොන්දු ඉටු කිරීමේදී අභියෝගවල ස්වභාවය හෝ ප්‍රමාණය වැදගත් නෑ…..

Shiran Viraj

කෝටි ගණනක් වටිනා ස්මාර්ට් බෝඩ් උපකරණ භාවිතයට නොගෙන විනාශ වී යාමේ අවදානමක්

Shiran Viraj
Translate »