27.8 C
Colombo
2026-07-06
mediahumanrights.lk
Local NewsNewsPolitical

"දෑ අභිමානි 2017" ජනපතිගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ

දෑ අභිමානි 2017 – දැයක් නගන පරපුර වෙත, නගමු හරසර සම්මාන උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී ඊයේ (30) පැවැත්වුණා.
එය සංවිධාන කර තිබුණේ මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය විසින්.
නාගරික ජනාවාසවල වෙසෙන ජනතාවට ස්ථිර නිවහනක් ලබාදීම සඳහා ක්‍රියාත්මක ව්‍යාපෘතිවල සේවයේ නියුතු ශ්‍රමිකයන්ගේ වටිනාකම හා කැපවීම නිසි ලෙස ඇගයීමකට ලක් කිරීම මෙහි අරමුණයි.
දේශීය සහ විදේශීය ඉදිකිරීම් සමාගම් 08 ක සේවය කරන ශ්‍රමිකයින් අතරින් ක්ෂේත්‍ර 22 ක, 220 දෙනෙකු අගයමින් මෙහිදී සම්මාන පිරිනැමුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
මේ අතර, ජාතික බෞද්ධ බුද්ධි මණ්ඩලයේ සාකච්ඡාවක්ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්වුණා.
(under the courtesy of hirunews news web)

Related posts

විදුලි කප්පාදුව නිසා පාසැල් දැරියක් මිය යයි…

Shiran Viraj

චීන කාබනික පොහොර සමාගම ශ‍්‍රී ලංකාව ගැන එක්සත් ජාතීන්ට පැමිණිලි කරයි..

Shiran Viraj

අලුත් කොරෝනාවෙන් ගැලවෙන්න ක‍්‍රම 06ක් මෙන්න..

Shiran Viraj
Translate »