31.1 C
Colombo
2026-09-08
mediahumanrights.lk
LIFELIFE NEWSNews

අත හිරිවැටීමට හේතු මොනවාද?

ප‍්‍රධානතම හේතුව වන්නේ අතට සංවේදනය සපයන ස්නායු වලට සිදුවන හානි වීමක් හෝ එම ස්නායු හිරවීමකි
මේ අතරින් හදිසි අනතුරු නිසා ස්නායු කැපීම් ද බහුලව දැකිය හැක. එසේම ස්නායු හිරවීමක් හෝ තද වීමක් නිසා ඇතිවන හිරි වැටීම් සමග බොහෝ වෙලාවට කැක්කුමද ඇති වේ.
අතට සපයන ස්නායු හිරවීමක් හෝ තද වීමක් විය හැකි තැන් මොනවාද?
එය අතේ මැනික් කටුව ආශ‍්‍රිතව, වැලමිට ප‍්‍රදේශයේ හෝ ගෙල ප‍්‍රදේශයේ විය හැක
මේ අතරින් අතේ මැනික් කටුව ආශ‍්‍රිතව ඇතිවන ස්නායු තද වීම ඉතා බහුලව දැකිය හැක
මැනික් කටුව ආශ‍්‍රිතව ස්නායු තදවීම බහුලව ඇති වන්නේ ඇයි?
අතට ගමන් කරන ප‍්‍රධාන ස්නායුවක් මැනික් කටුව ප‍්‍රදේශයේදී අස්ථි හා තන්තුමය පටක වලින් තැනුන නාලයක් හරහා ගමන් කරයි
යම් හෙයකින් මෙම නාලය කුඩාවීමක් වූවහොත් එම ස්නායුව තද වී රෝග ලක්ෂණ මතුවේ.
එම නාලය කුඩා වීමට හේතු මොනවාද?
මැනික් කටුව ආශ‍්‍රිතව ඇති අස්ථි බිදීමක්
නාලය තැනී ඇති තන්තුමය පටක වල ඇතිවන ඝනවීමක්
එම නාලය තුල නොයෙකුත් දේ තැන්පත් වීම
උදා� ශරීරයේ ඇතිවන තරබාරුකමත් සමග තෙල් තැන්පත් වීම
තයිරොයිඩ් ග‍්‍රන්තියේ ක‍්‍රියාකාරීත්වය අඩුවීමත් සමග සිදුවන තැන්පත් වීම්
මැනික් කටුව ආශ‍්‍රිතව ඇතිවන ආතරයිටිස් තත්වයන්
මෙහිදී ඇතිවන රෝග ලක්ෂණ මොනවාද?
මහපට ඇගිල්ල දබර ඇගිල්ල හා මැදැගිල්ලේ ඇතිවන හිරිවැටීම හා කැක්කුම ඇතිවීම
රාති‍්‍ර කාලයේදී කැක්කුම ඇතිවීම හා එය අත දිගේ ඉහල ප‍්‍රදේශ තෙක් පැතිරීම
යමක් මිට මොලවා අල්ලාගෙන සිටීමේදී කැක්කුම ඇති වීම
උදා පොල් මිරිකීම , සුක්කානම අල්ලාගෙන සිටීම ,අතුගෑම වැනි අවස්ථා
උත ගසාදැමීමෙන් හිරිගතියහා නලියන ස්භාවය යම් දුරකට සමනය වීම
මේ සදහා ඇති පරීක්ෂණ මොනවාද?
වෛද්‍යවරයා පරීක්ෂා කිරීමෙන් පසු අවශ්‍ය පරීක්ෂණ තීරණය කරනු ලබයි
ඔී්‍ය පරීක්ෂණය
X-ඍ්හ පරීක්ෂණය
ස්නායු හා සම්භන්දව කරනු ලබන පරීක්ෂණ
සමහර අවස්ථාවලදී කිසිම පරීක්ෂණයක් නොමැතිව නිගමනයකට එළෙබේ.
මේ සදහා ඇති ප‍්‍රථිකාර මොනවාද?
ඉතා සුලු වශයෙන් රෝග ලක්ෂණ ඇත්නම් මැනික් කටුව ප‍්‍රදේශයට ආධාරකයක් පැලදීම
තයිරොයිඩ් ග‍්‍රන්ථියේ ක‍්‍රියාකාරීත්වය අඩුනම් ඊට ප‍්‍රථිකාර කිරීම
ශල්‍යකර්මයකින් ස්නායුව ගමන්කරන නාලය තැනී ඇති තන්තුමය කොටස කපා ස්නායුවට ඇති සිර වීම ඉවත් කිරීම

Related posts

කොරෝනා හැදුනු සභාපතිගේ පක්‍ෂ සාමාජිකත්වය අත්හිටුවයි..

Shiran Viraj

සමන් රත්නප‍්‍රියට ජනාධිපති ලගම ලොකු පුටුවක්..

Shiran Viraj

බන්ධනාගාර සිද්ධිය-වාර්තාව ලබන සතියේ බාරදෙයි

Shiran Viraj
Translate »