mediahumanrights.lk
NewsSportsSports News

බංග්ලාදේශයට එරෙහි එක්දින තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා.
උපුල් තරංගට එහි නායකත්වය හිමිව ඇති අතර කඩුලු රකින ක්‍රීඩක මෙන්ම පිතිකරු කුසල් ජනිත් පෙරේරා පළමු තරග දෙකෙන් ඉවත් කර ඇත්තේ ආබාධ තත්වයක් හේතුවෙන්.
ඒ බංග්ලාදේශයට එරෙහිව පැවති පුහුණු තරගයේදී පාදයේ ආබාධයකට ලක්වීම හේතුවෙන්.
කණ්ඩායම් කළමණාකරු අසංක ගුරුසිංහ සඳහන් කලේ කුසල් විවේක ගන්වා තිබුන ද දෙවන එක්දින තරගයට පෙර ආබාධය සුවවුව හොත් දඹුල්ලේදී පැවැත්වෙන තරගයට කුසල් ජනිත් එක්කර ගැනීමට කටයුතු කරන බවයි.
කුසල් වෙනුවෙන් සංචිතයට නම්වන ක්‍රීඩකයා මෙතෙක් ප්‍රකාශයට පත්කර නැහැ.
ක්‍රිකට් පුවත් සේවා පෙන්වා දෙන්නේ යළිත් ලකුණු අතරට පැමිණෙමින් සිටින කුසල් ආබාධයකට ලක්වීම එතරම් සුබදායී තත්වයක් නොවන බවයි.
බංග්ලාදේශය සමග පැවැත්වෙන එක්දින තරගාවලිය වෙනුවෙන් නම් කල ශ්‍රී ලංකා සංචිතයට නිරෝෂන් දික්වැල්ල / ධනංජය ද සිල්වා / කුසල් මෙන්ඩිස් / අසේල ගුණරත්න / දිනේෂ් චන්දිමාල් සහ ධනුෂ්ක ගුණතිලක ද ඇතුලත්.
සුරංග ලක්මාල් / ලහිරු කුමාර / විකුම් සංජය / තිසර පෙරේරා / සචිත් පතිරණ / සීක්කුගේ ප්‍රසන්න සහ ලක්ෂාන් සඳකැන් ද ඇතුලත්.
දෙරට අතර පළමු එක්දින තරගය හෙට දඹුල්ලේදී පැවැත්වීමට නියමිතයි.
(under the courtesy of hirunews news web)

Related posts

තවත් උසස් පෙළ විභාග වංචාකරුවෙක් මාට්ටු

Shiran Viraj

‘පෙර රජයක් සිටියා නම් විනාශයේ බරපතළකම සිතාගැනීමටත් අපහසුයි’ – ජාතික භික්ෂු පෙරමුණ

Shiran Viraj

බස්නාහිර ආණ්ඩුකාරගෙ සමාගම පොල් රට පටවා ඩොලර් ඩුබායිවල හංගනවා.. පොල් හිගයට හේතුව එයයි..- විමල්

Shiran Viraj
Translate »