2026-09-24
mediahumanrights.lk
International NewsNews

සමලිංගික ක්‍රියාවල යෙදුනු පිරිමින් 5000කට වන්දි

19 වන  සියවසේ පැවති නීතියකට අනුව සමලිංගික ක්‍රියාවල යෙදුනු පිරිමින් පනස්දහසක් වරදකරුවන් කරමින් දී තිබූ අධිකරණ තීන්දුව නිශ්ප්‍රභ කිරීම සඳහා වූ යෝජනාවකට ජර්මනියේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.
මෙම යෝජනාව මගින් එලෙස වැරදිකරුවන්ට ඔවුන් වරදකරුවන් කිරීම සඳහා මෙන්ම සිරගතව සිටි කාලය සඳහා වන්දි ලබාදීමටද තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.
එම යෝජනාව එරට පාර්ලිමේන්තුවේදී සම්මත වුවහොත් චෝදනාවට වැරදිකරුවන් වූ සෑම පුද්ගලයෙකුටම යූරෝ 3000 ක මුදලක් ලැබෙන අතර සිරගතව සිටි කාලය වෙනුවෙන් යුරෝ 1500 ක වන්දියක් හිමිවෙනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මෙලෙස සමලිංගික ක්‍රියාවල යෙදුනු පනස්දහසක පිරිස අතරින් 5000ක් දැනට ජීවතුන් අතර සිටින අතර මෙම පනත සම්මත වුවහොත් එම පිරිසට වන්දි ලබා ගැනීමේ හැකියාව හිමිවනු ඇති.
(under the courtesy of hirunews news web)

Related posts

සල්ලි කැපෙන්නේ නැති SMS එකකින් කොවිඩ් වලින් බේරෙන්නේ මෙහෙමයි

Shiran Viraj

Google introduces Neural Networks API in DP of Android 8 Developer Review

Shiran Viraj

සීල් තියපු ගබඩාවට රිංගපු අධිකරණයටත් උඩින් ගිය ව්‍යාපාරිකයා

Shiran Viraj
Translate »