mediahumanrights.lk
Local News News Political

විමල් අධිකරණයට අපහාස කරනවාලු

අධිකරණ තීන්දුවකට එරෙහිව උපවාස සිදු කිරීම අධිකරණයට අපහාස කිරීමක් බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා පවසනවා.
විමල් වීරවංශ මන්ත‍්‍රීවරයාගේ උපවාසය පිළිබඳ අදහස් දක්වමින් කළුතර පැවති ජන හමුවකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
අතීතයේ සිටි දේශපාලඥයින් සිරගත වූ ආකාරය සම්බන්ධයෙන් ද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙලෙස අදහස් පල කළා.
එහිදී හෙතෙම සඳහන් කළේ “විජේවීර හිරේ ගියේ දේශපාලනය කරලා..විජේ කුමාරතුංග හිරේ ගියේ දේශපාලනය කරලා..රත්නසිරි වික්‍රමනායක හිරේ ගියේ දේශපාලනය කරලා..ඒත් විමල් වීරවංශ හිරේ ගියේ රාජ්‍ය දේපළ අවභාවිතා කරලා.” යනුවෙනි.

Related posts

කොරෝනාවට ‘සුවධරණි’ බොන්න.. කලින් රැල්ලෙත් දුන්නා..- සිසිර ජයකොඩි

Shiran Viraj

අද දිනයට තහවුරු කර ගත් ආසාදිතයින් ගණන 47ක්-වාර්තා වු තැන් මෙන්න

Shiran Viraj

පි. බී. අබේකොන් ජනාධිපති ලේකම් ධූරයෙන් ඉල්ලා අස් වෙයි

Shiran Viraj